27 C
Colombo
Monday, May 6, 2024

අපි කොරෝනාවට භය නැහැ- GMOA

- Advertisement -

සිය සංගමය කොරෝනා වෛරසයට නොබියව මුහුණ දුන් පිරිසක් මිස හැංගී පැනගිය පිරිසක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනවාරි 15 වන දින අදාල නිවේදනය නිකුත් කර ඇත.

තම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කොවිඩ් ආසාදිතයෙකුගේ පළමුපෙළ ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගැනීමේ සිද්ධිය පිළිබඳව පැහැදිළි කිරීමක් සිදු කරමින් අදාල නිවේදනය නිකුත් කර තිබුණි.

වෙන රටවල වෛද්‍යවරුන් මිය යන විටදී පවා එකඳු දිනයක්වත් මඟ නොහැර රෝගී ප්‍රතිකාර සේවා සඳහාත් ජාතික වැඩසටහනට වෛද්‍යවරුන්ට නායකත්වය දීමටත් නොබියව කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙත අපහස වෙන අයුරින් කටයුතු කිරීම යුතු නොවන බව ඒම නිවේදනයේ සදහන් කර ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, කොරෝනා රෝගීන් නිතර හමුවන රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ වාට්ටුවේ වෛද්‍යවරයෙකුට කොරෝනා වැළඳීම අනපේක්ෂිත දෙයක් නොවන බවය.

ඔහු සමග එම වාට්ටුවේ කිසිදු පිටස්තර කෙනෙකුගෙන් තොරව වෛද්‍යවරු කණ්ඩායම එකට ආහාර ගැනීම ප්‍රිය සම්භාෂනයක් ලෙස පළකරමින් අවමන් කිරීම සුදුසු නොවන බවද ඉන් පෙන්වා දෙයි.

ඕනෑම අභියෝගයකට නිවැරදිව මුහුණ දීමේ අත්දැකීම් සිය සංගමය සතු බවත් කිරිපිටි ඇතුළු වැරදි ආහාර, දුම්වැටි සහ මධ්‍යසාර සඳහා මෙහෙයවන මුදල්වලට විරුද්ධව රටේ දරුවන්ගේ යහපත සඳහා සිය සංගමය කරගෙන යන මෙහෙයුම් යටපත් කළ නොහැකි බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර “කොරෝනා ඇතුළු රෝග ඉදිරියේ අවධානමට මුහුණ දෙමින් අසීරු කාර්යභාරයක් ඉටු කරන පිරිසකගේ චිත්ත ධෛර්ය බිඳ වැටෙන අයුරින් අවිචාරවත් ලෙස එක් මාධ්‍ය ප්‍රධානියෙක් තම මාධ්‍ය ජාලය හසුරුවන අයුරු පෙනේ,” යනුවෙන් ද සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ……

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...