30 C
Colombo
Saturday, May 4, 2024

කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක්

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් මේ වන විට විශාල පිරිසක් මියගොස් ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ගැහැණු දරුවන් සහභාගී වූ උපකාරක පන්ති පවත්වන ස්ථානයක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතුරින් වැඩි පිරිසක් අදාළ උපකාරක පන්තියට සහභාගී වූ සිසුවියන් බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය හේතුවෙන් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

කාන්තාවන් හට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අන්තවාදී සංවිධාන දැඩි විරෝධය පලකරනවා.

පාලක තලේබාන් සංවිධානයද අවස්ථා කිහිපයකදීම කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කර සිටියා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...