28 C
Colombo
Saturday, May 4, 2024

සීනි බදු වංචාව ගැන විගණන වාර්තාවක් එළියට

- Advertisement -

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් සීනි බදු අඩුකිරීම සහ සතොස ආයතනයේ සීනි ගනුදෙනු පිළිබඳව විගණකාධිපතිවරයා විගණන වාර්තාවක් එළි දක්වා තිබෙනවා.

සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ ආනයනික බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කරමින් 2020 වසරේ ඔක්තෝබර් 14 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර 2021 වසරේ පෙබරවාරි 08 වනදා සීනි සඳහා පනවා තිබූ පාලන මිලද රජය විසින් ඉවත් කරනු ලැබූවා.

මෙම කාලය තුළ ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් සීනි මිලදී ගෙන අලෙවි කිරීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 102ක් බව විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

එම විගණන වාර්තාවට අනුව සීනි ආනයනකරුවන් අතරින් අදාළ කාලසීමාව තුළ පිරමීඩ් විල්මා ආයතනය පමණක් සීනි ආනයනය සියයට එක්දහස් දෙසීය විසි දෙකකින් (1222%) ඉහළ ගොස් ඇති බවත් අනෙකුත් සියලුම ආනයනකරුවන් ඍණ මට්ටමක පවතින බවත් විගණකාධිපති වාර්තාවේ සඳහන් වනවා.

මෙම බදු අඩුකිරීම හේතුවෙන් ආනයනික වෙළෙඳුන් වැඩි ආර්ථික වාසියක් අත්කරගෙන ඇති අතර සීනි බදු අඩුකිරීමේ වාසිය ජනතාවට ලැබී නොමැති බවද එම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

විගනකාධිපතිවරයා පවසන්නේ සීනි බදු අඩු කිරීමෙන් රජයට වූ පාඩුව රුපියල් මිලියන දහසය දහස් හත්සිය අටක් (16,708,000) ක් බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...