ඉන්දුනීසියාවේ සුලවේසි දූපත ආසන්නයේ ජනවාරි (14) මධ්‍යම රාත්‍රියේ රිච්ටර් මාපාංක 6.2ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති අතර එම භූ කම්පනය හේතුවෙන් 35දෙනකු පමණ මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම භු කම්පනයෙන් සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 100කට අදික පිරිසක් තුවාල ලබා ඇති බවත් පුද්ගලයන් දහස් ගණනක් මේ වන විට අවතැන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
භූ කම්පනය සිදුවී ඇත්තේ මැජීන් නගරයට කිලෝමීටර් හයක් ඊසාන දෙසින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් බව වාර්තා වේ. සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති නමුත් දහස් ගණන් පිරිස් සිය නිවාස අතහැර ගොස් ඇති බව වාර්තා වේ.
මේ ආකාරයෙන්ම තවත් ප්‍රබල කම්පන ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇති අතර සුන්බුන් වලට යටවී තවත් පිරිස් සිටිය හැකි බවත් වාර්තා වේ