32 C
Colombo
Tuesday, May 7, 2024

හෙද කාර්යමණ්ඩල අනතුරේ දමන බවට බලධාරින්ට චෝදනාවක්..

- Advertisement -

කොරෝනා රෝගීන් සමග සෘජුව කටයුතු කරන හෙද කාර්ය මණ්ඩල වසංගතයේ ගොදුරු බවට පත්වීම නොවලක්වන්නේ නම් රට පුරා වෘත්තිය සමිති පියවරකට අවතීර්ණ වන්නේ යැයි සමස්ත ලංකා හෙද සංගමය රජයට අවධාරණය කරයි. 


හෙද කාර්යමණ්ඩලවලට කොවිඩ් ආසාදනය වීම වැලැක්වීමට ක්‍රියාත්මක වැඩපිළිවෙල රෝහල් ගණනාවක නවතා දැමීම ඊට හේතුව යැයි ද නිවේදනයක් නිත් කරමින් එම සංගමය කියයි. 


හෙද කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට ද අදාළව සෞඛ්‍ය ලේකම් විසින් 2020.10.22 දින නිකුත් කළ අති.ලේ.(පාලන) 2 10/2020 ලිපියේ උපදෙස් අනුව ක්‍රියා නොකිරීම ගැන සෞඛ්‍ය ලේකම්වරයාටම අවස්ථා කීපයකදී දැනුම් දුන්නත් ඔහු හෝ රෝහල් බලධාරින් කිසිදු පියවරක් ගෙන නැතැයි එම සංගමය චෝදනා කරයි.

මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල, ජාතික අක්ෂි රෝහල ගල්ගමුව මූලික රෝහල ඇතුලූ රෝහල් ගණනාවක මෙසේ කොරෝනා රෝගීන්ට නිරාවරණය වීම නිසා හෙද හෙදියන් ඇතුලූ කාර්ය මණ්ඩලවල විශාල පිරිසක් නිරෝධායනයට ලක් කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. 


තවද ආයතන ප්‍රධානීන් අවිද්‍යාත්මක ලෙස කාර්ය මණ්ඩලවල සියලූ දෙනා දෛනිකව සේවයට කැඳවීමක් කාර්ය මණ්ඩල සදහා ක්‍රියාත්මක කළ සේවා මුර ක්‍රමය නවතා දමා ඒ වෙනුවට පළාත් සභා රෝහල් තුළ හෙද හිගය හමුවේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් රාජකාරී ඉටුකළ හෙද හෙදියන්ගේ අමතර දීමනා කපා දමා ඇතැ ද ඔවුහු චෝදනා කරති. 

හෙද කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා 2021.01.15 දින මහනුවර ජාතික රෝහල, පේරාදෙණිය මහ රෝහල සහ ගල්ගමුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගක නියැලීමට සිදුවුණේ මෙම තතත්වය නිසා යැයි ද සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කරයි. 


සෞඛ්‍ය ලේකම්වරයා ඇතුලූ බලධාරීන් නෑසු කන් ඇතිව කටයුතු කිරීම හමුවේ 2021.01.15 දිනවන විට පේරාදෙණිය මහ රෝහලේ පමණක් වාට්ටු අංක 17, දැඩි සත්කාර ඒකකය සහ නොමේරූ ළදරු ඒකකය වසාදමා ඒවායේ සේවය කළ කාර්ය මණ්ඩලවල සිය ගණනක් නිරෝධායනයට ලක් කර ඇතැයි ද මේ තත්වය තුල නිසි ප්‍රතිකාර නොලැබීම නිසා දැඩි සත්කාර ඒකකයේ රෝගීන් දෙදෙනකු මියගොස් ඇති බවද වාර්ථා වන්න් යැයි ද මහනුවර මහ රෝහලේ හෙදි නිළධාරීන් හතර දෙනෙකු ආසාධිතවීම හේතුවෙන් වාට්ටු අංක 31 වසා දමා ඇතැයි ද ඔවුහු පවසති. 

මෙම තත්ත්වය ගැන කඩිනමින් මැදිහත්වීමක් නොකරන්නේ නම් රට පුරා රෝහල්වල සියලූ හෙද හෙදියන් සම්බන්ධ කර ගනිමින් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යාමට කටයුතු කරන්නේ යැයි ද සමස්ත ලංකා හෙද සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

RECENT ARTICLES - SINHALA

ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන...

මධ්‍යම අධිවේගී මාර්ගය ගැන විශේෂ නිවේදනයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ බෙම්මුල්ල ප්‍රදේශයේ කණු මතින් ඉදිකර ඇති කොටසක කොන්ක්‍රීට් කදම්භයක් කඩා වැටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සොයා බැලීමට තීරණය කළ බව...

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතාගේ පුත්‍රයාව කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,රිය අනතුරක් සිදුකර අනතුරට ලක්වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. කොල්ලුපිටිය පාසල් මාවත...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...