28 C
Colombo
Saturday, May 4, 2024

කුකුළු මස් මිල අඩු කිරීම තාම සාකච්ඡා මට්ටමේ..! – සත්ත්ව නිෂ්පාදකයින් පවසයි

- Advertisement -

කුකුළු මස් මිල අඩුකිරීමට පියවර ගැනීමට සාකච්ඡා සිදුවන බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

කුකුළු මස් කිළෝග්‍රෑමයක මිල රුපියල් 1080ක් දක්වා අඩු කිරිමට හැකිවනු ඇති බවයි එම සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික සඳහන් කරන්නේ.

එළඹෙන උත්සවය සමයේ කුකුළු මස් ඉල්ලුම ඉහළ යාම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගත් බවත් එමෙන්ම, බිත්තර මිල ද පහළ දැමීමට කටයුතු කරන බවත් ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය වැඩිදුරටත් පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික,

“ඊයේ තීරණයක් අරගෙන තියෙනවා කුකුළු මස් මිල 1080ක් දක්වා අඩුකරන්න, තාම සාකච්ඡා මට්ටමේ තියෙනවා මොකද උත්සව සාමය සඳහා විශේෂයෙන්ම පාරිභෝගිකන් කුකුළු මස් වගේ දේවල් වැඩිපුර මිලදී ගන්නවා ඒ වගේම අපට යම් හෝඩුවාවක් ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේ අපේ කර්මාන්ත කරුවා අපහසුතාවයට පත්කරන්න විදේශවලින් පවා කුකුළු මස් ගෙන්වන්න තීරණයක් අරන් තියෙනවා කියලා සත්ව ආහාර සඳහා අපිට අධික මිලක් වැය වෙනවා. ඉන්ධන මිල ක්‍රමයෙන් පහළ වැටීමත් එක්ක අපිත් තීරණයක් ගත්තා යම්කිසි මට්ටමකින් හෝ පාරිභෝගිකයාට සහනයක් දෙන්න. ඒ වගේම බිත්තර මිලත් යම්කිසි ප්‍රමාණයකින් හරි පහළදමන්න මහා පරිමාණ ගොවිපොළ හිමියන් සමඟ අපි කතාකරමින් ඉන්නවා. “

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...