26 C
Colombo
Sunday, May 19, 2024

බංගලාදේශයේ චීන තානාපතිගෙන් අමුතු ප්‍රකාශයක්

- Advertisement -

චීනය කිසි විටෙකත් ඉන්දියාව උපායමාර්ගික ප්‍රතිවාදියෙකු හෝ උපායමාර්ගික තරඟකරුවෙකු ලෙස නොසලකන බව බංග්ලාදේශයේ චීන තානාපති ලී ජිමිං පවසා තිබේ.

ඩකා හි මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ ඕනෑම ආර්ථික, භූ දේශපාලනික සහ වෙනත් ගැටළු විසඳීමට ඉන්දියාවට සහ චීනයට සමීපව කටයුතු කළ හැකි බවයි.

මෙම ප්‍රකාශය පැමිණෙන්නේ ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශ්වයම භූ දේශපාලන උගුලෙන් මිදී අතීතයට වඩා වෙනස් නව මාවතක් සොයා ගත යුතු බව ඉන්දියාවේ චීන නියෝජිත සන් වෙයිඩොං ප්‍රකාශ කර දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.

2019 ජූලි මාසයේදී ඉන්දියාවේ චීන තානාපති ධූරයට පත් වූ සන්, සිය සමුගැනීමේ ප්‍රකාශයේදී, දෙපාර්ශ්වය අතර මතභේද විසඳා ගැනීමේ අවශ්‍යතාවය සහ අනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ මූලධර්මය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

චීනය සහ ඉන්දියාව අතර යම් යම් මතභේද ඇති වීම ස්වභාවික නමුත් ප්‍රධාන වන්නේ වෙනස්කම් හසුරුවන්නේ කෙසේද යන්න බව ඔහු එහිදී පැවසීය.

භේවලට වඩා දෙරටේ පොදු අවශ්‍යතා විශාල බව දැන සිටිය යුතු බව චීන නියෝජිතයා එහිදී කියා සිටියේය.

2020 අප්‍රේල් මාසයේ සිට, ඉන්දියාව සහ චීනය ඉන්දීය-චීන දේශසීමා ප්‍රදේශවල තත්ත්වය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික හා හමුදා මට්ටමේ රැස්වීම් වට කිහිපයක් පවත්වා ඇති අතර ඒවා යම් සාර්ථක බවක් ද පෙන්වා තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...