26 C
Colombo
Sunday, May 19, 2024

ඉම්රාන්ගේ යටි අරමුණක් ගැන හෙළිදරව්වක්

- Advertisement -

පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ දීර්ඝ විරෝධතා පා ගමනේ ප්‍රධාන අරමුණ රජය මීළඟ හමුදා ප්‍රධානියා පත් කිරීම නැවැත්වීම බව පාකිස්තාන පාලක සභාගයේ පාර්ශවකරුවකු වන මුස්ලිම් ලීගය-නවාස් (PML-N) හි උප සභාපති මාරියම් නවාස් පවසයි.

පාකිස්තාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) ප්‍රධානී ඉම්රාන් ඛාන් තවදුරටත් පාකිස්ථාන දේශපාලනයේ කොටස්කරුවෙකු නොවන බව පවසන ඇය බෙදීම් සහ වෛරය හේතුවෙන් ඔහු අසාර්ථක වනු ඇති බව සඳහන් කර ඇති බව Geo පුවත් වාර්තා කළේය.

මාසයකට පමණ පෙර ලන්ඩනයට පැමිණීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය හමුවක් අමතමින් නවාස් කියා සිටියේ PTI හි සැබෑ න්‍යාය පත්‍රය හෙලිදරව් කිරීමට තමන් කටයුතු කරන බවයි.

ඉස්ලාමාබාද් දෙසට දීර්ඝ පා ගමනක් සංවිධානය කර ඇත්තේ ජාතිය වෙනුවෙන් නොවන බවත් එහි අරමුණ වත්මන් රජය මීළඟ හමුදා ප්‍රධානියා පත් කිරීම නැවැත්වීම බවත් ඇය සදහන් කළාය.

ඇය පැවසුවේ හමුදා ප්‍රධානියා පත් කිරීම නිවැරැදිව, ව්‍යවස්ථානුකූලව සහ නීත්‍යානුකූලව අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ අයිතිය බව ඛාන් දැනගත යුතු බවයි.

දෙවියන් කැමති නම්, එම ක්‍රියාවලිය යහපත් පරිසරයක් තුළ සුහදව සිදු කරනු ඇති බවත් ඉම්රාන් ඛාන් එම ක්‍රියාවලියේ කොටස්කරුවෙකු නොවන බවත් ඇය පවසා තිබේ.

අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා ඇත්තේ ඛාන් කරුණු දෙකක් සාකච්ඡා කිරීම සඳහා පසුගිය මාසයේ රජය සම්බන්ධ කර ගත් බවත් – ඉන් එකක් හමුදා ප්‍රධානියා පත් කිරීම බවත්ය. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා ඔහු සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කළ බව ඇය පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...