28.7 C
Colombo
Wednesday, May 8, 2024

ෂාරුක්ට ගුවන් තොටුපොළේදී රුපියල් ලක්ෂ 6ක දඩයක්

- Advertisement -

නීති විරෝධීව ඔරලෝසු කිහිපයක් රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබෙන අතර ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව ඔහුව මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී සොයාගත් ඔරලෝසුවල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වන අතර ෂාරුක් ඛාන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණේ සාජා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමටයි.

එහිදී සිනමාව සහ සංස්කෘතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඔහුට ගෞරව සම්මානයක් ද පිරිනැමුණි.

RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තය නවීකරණයට ඩොලර් මිලියන 100ක ආයෝජනයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී මෙම ගිවිසුමට...

සමාජ මාධ්‍යයෙන් අපහාස කළායැයි යුද හමුදාපති අධිකරණයට

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (07)...

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය දුම්මලදෙණිය ප්‍රදේශයෙන් අවහිර වී ඇති...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...