33 C
Colombo
Sunday, May 5, 2024

මෙරට පුරවැසියන්ට හෝටල් 55 ක් තහනම්

- Advertisement -

එළැඹෙන බ්‍රහස්පතින්දා (21) සිට සංචාරකයන් සඳහා ගුවන් තොටු​පොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව විදෙස් සංචාරකයන්ට වෙන් කරන ලද හෝටල් 50 කට වැඩි සංඛ්‍යාවක් ඒ ඒ ප්‍රදේශවාසීන්ට සහ දේශීය සංචාරකයන්ට තහනම් කලාප බවට පත්කෙරෙන බවට තොරතුරු වාර්තාවනවා.
මෙම සියලුම හෝටල් කොළඹින් පිටත ප්‍රදේශවල පිහිටා ඇති අතර ඒවා සිනමන්, ටාජ්, ජෙට්වින්ග්, සිට්‍රස්, අමායා හා හෙරිටන්ස් යන හෝටල් ජාලවලට අයත් ඒවා වනවා.
එසේම සාප්පු සවාරි සඳහා ප්‍රසිද්ධ කේප් වැලිගම වැනි හෝටල් කිහිපයක්ද මෙලෙස දේශීය සංචාරකයන් සඳහා වසා දැමෙන හෝටල් අතර වනවා.
මෙරටට නැවත සංචාරකයන් ගෙන ඒම සම්බන්ධයෙන් පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවකදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ දේශීය හා විදේශීය සංචාරකයන් සහ ප්‍රදේශවාසීන් අතර අන්තර් ක්‍රියාකාරීත්වය වැළැක්වීම සඳහා මෙලෙස හෝටල්වලට අදාළ වෙරළ තීරයන් තහනම් ප්‍රදේශ බවට පත් කරමින් හෝටල් පරිශ්‍රවලට ප්‍රවේශවීම සීමා කෙරෙන බවයි.
විශේෂයෙන්ම ප්‍රදේශවාසීන් අදාළ හෝටල්වල රැඳී සිටින විදේශීය සංචාරකයන්ට සමීප නොවීම සඳහා හෝටල්වලට අයත් වෙරළ මායිම්වල වැටවල් ඉදිකිරීමටද අධිකාරිය විසින් උපදෙස් ලබාදී තිබෙනවා.
ලබන ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් පළමු දින 14 මෙම හෝටල තුළ අනිවාර්යයෙන් රැඳී සිටිය යුතුවනවා.
පසුගිය ජනවාරි 15 දා වනවිට හෝටල් 55 ක් සංචාරකයන්ට සුදුසු පළමු මට්ටමේ හෝටල් ලෙස අධිකාරියේ ලියාපදිංචි කර ඇති අතර ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව එම සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...