33 C
Colombo
Sunday, May 5, 2024

‍රනිල්ගේ සෙස් නිසා අත්‍යාවශ්‍ය බඩු මිල ඉහළ යන්නේ නෑ..! – මුදල් රාජ්‍ය ඇමති

- Advertisement -

සෙස් බදු වැඩි කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්වල මිල ඉහළ යාමක් කිසිසේත් සිදු නොවන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෙස් බද්ද නිසා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

“අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපි හඳුනාගෙන තියෙනවා 120 ක්. ඒ 120 සඳහා සෙස්, රේගු වැනි බදු අය කරන්නේ නෑ. ඒවාට එකම එක බද්දක් තමයි මේ සියල්ලම වෙනුවෙන් අය කරන්නේ, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද. ඒ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දේ කිසිදු වෙනසක් අපි කරලා නෑ. ඒ නිසා මේ කතාබහට ලක්වුණු සහල්, ළූණු, කඩල, අර්තාපල්, බඩඉරිඟු, පරිප්පු, සීනි, හාල්මැස්සෝ යනාදී මේ කිසිවක මිල වැඩිවීමට හේතුවන බදු වැඩිවීමක් සිදුවුණේ නෑ.

ඉතින් මේ ඊයෙ පෙරේදා වෙනස් වුණේ මේ සෙස් බද්ද අයකිරීමේදී සියයට ගණන වෙනස් කරලා නෑ, නමුත් අර මුදලෙන් කියපු ප්‍රමාණය රුපියලේ අවප්‍රමාණය වීමට සාපේක්ෂව ගැලපීමක් සිදුවුණා. මේක තමයි මේ වැරදියට වටහාගෙන රාවයක් රට තුළ ගියේ. ඉතා පැහැදිලිවම කිවයුත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මේ ගණයට කිසිසේත්ම වැටෙන්නේ නෑ”

මේ සම්බන්ධයෙන් ඔහු නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එම නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...