25 C
Colombo
Sunday, May 19, 2024

තවත් කොවිඩ් මරණ දෙකක්

- Advertisement -

දින කිහිපයකට පසුව ඊයේ (20) දිනයේ දි මෙරටින් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,793ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

ඊයේ දිනයේ දී කාන්තාවන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති අතර ඉන් එක් අයෙකු වයස අවුරුදු 60 ඉක්මවු කාන්තාවක් බව සඳහන්. අනෙක් කාන්තාව වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර, ඊයේ දිනයේ දි කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 671, 522ක් වේ.

ඊයේ දිනයේ වාර්තා වු සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

යකදුරාට බැණවැදුණු කාන්තාව ඝාතනය කරලා

යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. ඒ අදාළ යකදුරාගේ ආධාර අනුබල යටතේ ඔහුගේ ගෝලයා...

දිස්ත්‍රික්ක 07කට නායයෑම් අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 07ක් සඳහා බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා...

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...