32 C
Colombo
Tuesday, May 7, 2024

සෙනගල් සමග තරගයෙන් නෙදර්ලන්තයට ගෝල 2 – 0 තියුණු ජයක්

- Advertisement -

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ “ඒ” කාණ්ඩයේ නෙදර්ලන්ත කණ්ඩායම සහ සෙනගාල් කණ්ඩායම අතර තරගය කටාර් හි අල් තුමාම් ක්‍රීඩාංගනයේදී පැවත්වුණා.

ආරම්භයේ පටන් ම ඉතාම තියුණු මුහුණුවරක් ගත් තරගයේ කණ්ඩායම් දෙකටම අවස්ථා කිහිපයක දී ලද ගෝල වාර්තා කර ගැනීමේ අවස්ථා සාර්ථක කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

ඒ අනුව තරගයේ පළමු අර්ධය කණ්ඩායම් දෙකම ගෝල රහිතව නිමා කළ අතර නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් කෝඩි ගැප්කෝ තරගයේ 84 වැනි විනාඩියේදී පළමු ගෝලය වාර්තා කළා.

නෙදර්ලන්ත කණ්ඩායම විසින් මෙම ගෝලය වාර්තා කිරීමත් සමඟ සෙනගාල් ක්‍රීඩකයින් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව තව තවත් දැඩි කළ ද තරගය නිමාවන තුරු ගෝලයක් රැස්කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුනේ නැහැ.

තරගයේ අමතර කාලයේදී නෙදර්ලන්ත කණ්ඩායමක් වෙනුවෙන් දෙවැනි ගෝලයත් වාර්තා කර ගන්නට ඩේව් ක්ලාසන් සමත්වූ අතර ඒ සමඟම තරගය නිමාවූයේ නෙදර්ලන්ත කණ්ඩායම්ට ගෝල 2 – 0 ක ජයග්‍රහණයක් හිමිකර දෙමින්.

RECENT ARTICLES - SINHALA

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර

ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ...

උමා ඔයේ වාසිය ජුලි මාසයේ දී විදුලි බිලට

ජනතා අයිතියට පත් කෙරුණු උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය මගින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කෙරුණු බැවින් එහි වාසිය විදුලි...

විමල් දුක වෙලා

තමා කර්මාන්ත ඇමති ලෙස සිටියදී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ඇරැඹීමට ගිවිසුම් අත්සන් කළ ඇඹිලිපිටිය කඩදාසි කම්හල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන්නට කැමැත්තෙන් සිටි...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...