30 C
Colombo
Saturday, May 4, 2024

වේල්ස් – ඇමෙරිකා ගැටුම සමවෙයි

- Advertisement -

වසර 64කට පසු ලෝක කුසලාන තරගාවලියක් නියෝජනය කරන ⁣වේල්සයේ අභිමානය බේරා ගැනීමට ගැරත් බේල් තරගයේ අවසන් මොහොතේ දඬුවම් පහරකින් සමත් වුණා.

ඒ ඇමෙරිකාව සමග පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින්.

තරගයේ පළමු භාගයේදී වේල්සයේ තරඟ රටාව උදාසීන වූ අතර ප්‍රබල ඇමෙරිකානුවන් 1 – 0 ක් ලෙස පෙරමුණ ගනිමින් එම අර්ධය අවසන් කළා.

ඒ තරගයේ 36 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියන් පුලිසික් ලබා ගත් ගෝලයත් සමගින්.

කෙසේ වෙතත් දෙවන අර්ධයේදී අදහාගත නොහැකි ජවයකින් තරගයට අවතීර්ණ වූ වේල්සය ඇමෙරිකානුවන්ට තවදුරටත් පන්දුව තම සීමාවෙන් ඔබ්බට රැගෙන ඒම⁣ට අවසර ලබා දුන්නේ නැහැ.

ඒ අනුව 1 – 1 ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර මෙවර තරගාවලියේ විසඳුමක් නොලැබුණු පළමු තරඟය එයයි.

එංගලන්තය, ඉරානයට එරෙහිව 6-2 ක් ලෙස දැවැන්ත ජයක් වාර්තා කර තිබීම හේතුවෙන් වේල්සයට දෙවැනි වටය පිළිබඳ ඉහළ බලාපොරොත්තු රඳවා ගැනීමට හැකි වනු ඇති.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...