28 C
Colombo
Sunday, May 5, 2024

රනිල්ගේ අයවැය ගැන මහින්ද පාර්ලිමේන්තුවේදී ගුණ වයයි

- Advertisement -

අයවැයට විරුද්ධව ජනතාව උසි ගැන්වීමෙන් හෝ අයවැයට විවේචන කිරීමෙන් මෙරටට කිසිඳු පලක් ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (22) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්.

කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් හොඳ තල්ලුවක් දී ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, ” මුදල් ඇමතිවරයා විදියට ජනාධිපතිවරයා නව ආර්ථිකයක් නිර්මාණය කරන බව මේ අයවැයෙන් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේ ආර්ථිකයක් බිහි කරන්න නම් අපි දිගු කාලීන සහ කෙටි කාලීන කටයුතු රැසක් කරන්න තියෙනවා. අපි තේරුම් ගන්න ඕන, මේ හැමදේම ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමඟයි. ඒ වගේ උපායමාර්ගික සැලැස්මක ගමන් කරොත් අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා මේ සංශෝධනවලට අපි සියලු දෙනා සහයෝගය දෙන එක වැදගත්. යහපාලන ආණ්ඩුව අපිට දරාගන්න බැරි තරමට ණය ගත්තා. ඒක මේ සභාවට රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. එත් වගකීමක් අරගෙන කරන්න බැහැ කියනවා. ඒ අය ඉන්නේ හැමදාම ජනප්‍රිය පැත්තේ. ඒ අයගේ වීරත්වයෙන් අපිට වැඩක් නැහැ. ප්‍රශ්ණවලට අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තිය. අපි මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නැහැ. එහෙම යන්නෙත් නැහැ. අපි රට භාර ගන්නකොට ණය කන්දක් මැද. එහෙම අරගෙන අද වෙනකල් දුෂ්කරතා මැද රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහය දීලා තියෙනවා. එකේ ඉදිරියටත් වෙනසක් නෑ. එත් මොන ආර්ථික තත්ත්වයක වුවත් රටේ සම්පත් විකිණීම මගේ පක්ෂයේ ප්‍රතිපත්තිය නෙවෙයි.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...