27 C
Colombo
Monday, May 6, 2024

දේශසීමා ගැටුම් නිරාකරණයට ඉන්දියාව සහ බංගලිදේශය අතර එකගතාවයක්

- Advertisement -

ගැටුම් නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයන් සහ දේශසීමා කළමනාකරණය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අදාළ විවිධ ගැටලු පිළිබඳව ඉන්දියාව සහ බංග්ලාදේශයේ දේශසීමා ආරක්ෂක හමුදා පසුගියදා පැවති 18 වැනි පරීක්ෂක ජෙනරාල් දේශසීමා සම්බන්ධීකරණ සමුළුවේදී එකඟ වී තිබේ.

ඒ අනුව ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය සහ බංගලාදේශ දේශසීමා ආරක්ෂක බලකාය අදාළ සමුළුව අවසන් වීමෙන් පසු ඒකාබද්ධ සාකච්ඡා වාර්තාවලට අත්සන් කර ඇති බව ද සදහන් වේ.

ඉන්දු-බංග්ලාදේශ දේශසීමාවේ සංකීර්ණ සහ ගතික ස්වභාවය සැලකිල්ලට ගනිමින්, BSF සහ BGB පාර්ශ්වයෙන් දේශසීමා කළමනාකරණය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ඉන්දීය නියෝජිත කණ්ඩායමේ නායකයා ප්‍රකාශ කර තිබේ.

බිම් මට්ටමේ ගැටළු වඩාත් පහසුවෙන් විසඳා ගැනීම සඳහා මෙම රැස්වීම ඉදිරියට ගෙන යාමට BSF අදහස් කරන බවටද ඔහු සහතික වී ඇත.

අපරාධකරුවන් දේශසීමා දෙපස සිටින බවත් ඔවුන්ගේ නීච සැලසුම් ව්‍යර්ථ කළ හැක්කේ BSF සහ BGB සෑම මට්ටමකින්ම එකට වැඩ කළහොත් පමණක් බව බංගලාදේශ ප්‍රධානියා පවසා තිබේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...