31 C
Colombo
Wednesday, May 1, 2024

දේශබන්දුව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක්

- Advertisement -

පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහර දීමේ සිද්ධිය අදාළ නඩුවේ සැකකරුවෙකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අරගලයට සහය දැක්වූ නීතිඥවරයෙක් වන රාමලිංගම් රංජන් මහතා විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කර තිබෙනවා.

පසුගිය මැයි 9 වනදා ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පවතින බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද නිරීක්ෂණ කර ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.

මෙසේ කරුණු තිබියදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරුවෙකු වශයෙන් නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීමට වගඋත්තරකරුවන් මෙතෙක් ක්‍රියා කර නොමැති බව පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

මේ අනුව “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට රීට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

තවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන රඳවා තබා වැඩිදුර ප්‍රකාශයක් සටහන් කරගන්නා මෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් ද නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කිරීමට කම්කරු විනිශ්චය සභාව දුන් තීන්දුව

බීබීසී පුවත් සේවයේ මෙරට මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ අසාම් අමීන්ගේ කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාව (බීබීසී) ගත් තීරණය ‘අසාධාරණ සහ...

යාපනයේ සිදු වූ බිහිසුණු අනතුර

කටුනායක ගුවන් තොටුපලේ සිට විදේශිය සංචාරකයින් පිරිසක් රැගෙන එමින් තිබූ වෑන් රථයක් යාපනයේ නුනාවිල් ප්‍රදේශයේදී අත් ට්‍රැක්ටරයක් පිටුපස ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. සිදුවු මෙම...

ඇඬියාව ඉවර කරන්න, ඉක්මනට දිනයක් දෙන්න – අනුර

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවාදය සඳහා මැයි 20ට පෙර දිනයක් ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. අද (01) මාතර පැවති...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...