30 C
Colombo
Saturday, May 4, 2024

මෙරට සංචාරය කරමින් සිටි රුසියානු කාන්තාවක් ජීවිතක්ෂයට

- Advertisement -

අද (01) උදෑසන ගාල්ල උණවටුන දළවැල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි වියේ පසුවූ රියදුරෙක් ද ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

උණවටුන, දළවැල්ල අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය ත්‍රිරෝද රථය ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අද (01) පෙරවරු 10.30ට පමණ මෙම අනතුරව සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

දුම්රියේ ගැටීමත් සමඟ ත්‍රිරෝද රථය සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...