28 C
Colombo
Sunday, May 5, 2024

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අද (09) නොතීසි නිකුත් කර තිබෙනවා.

ඒ සමඟි ජන බලවේගයේ සාමාජිකත්වය හා තනතුරු දැරීම පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව නිත්‍යානුකුල නොවන බව ප්‍රකාශ කරමිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ.

මෙම පෙත්සම ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමෙන් රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා විසින් ලබාදුන් දිවුරුම් ප්‍රකාශයක් මෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ විනය ක්‍රියාමාර්ග අභියෝගයට ලක්කළ අධිකරණ ක්‍රියාවලිය ඇතුළු සාක්ෂි කිහිපයක් ඇය සාක්ෂි වශයෙන් පෙත්සමේ ගොනුකර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ සමඟි ජනබලවේග පක්ෂ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තුන්වන වගන්තියට අනුව පක්ෂයේ සාමාජිකයෙක් වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරන්නේ නම් එයින්ම සමඟි ජනබලවේගයේ සාමාජිකත්වය අහෝසි වන බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් පක්ෂයේ සාමාජිකත්වය දැරීම නායක හා මහලේකම් යන තනතුරු දැරීම නිත්‍යානුකුල නොවන බවට නියෝගයක් ඉල්ලා සිටින ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ එය විභාග කරන තෙක් තනතුරු දැරීම අත්හිටුවමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...