33 C
Colombo
Sunday, May 5, 2024

බලසම්පන්න අමේෂ් රුවන්තට අධිකරණයට ලබාදුන් අධිකරණ නියෝගය

- Advertisement -

නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අද (09) සැකකරු නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඊට අමතරව සැකකරුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ද වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

පසුගියදා මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය මත පොලිස් නිලධාරීන් විසින් දඩ නියම කරන අවස්ථාවේ අදාළ නිලධාරීන්ට අසභ්‍ය ලෙස බැන වැදී රාජකාරියට බාධා කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමා ප්‍රබල අයෙක් බවත් ප්‍රබලයන් රැසක් අඳුනන බවයි.

තමාට දඩ නියම කිරීමෙන් පොලීසිය අපහසුතාවයට පත් වනු ඇති බවද ඔහු සඳහන් කළා.

අන්තර්ජාලයෙන් තමා කවුදැයි සොයා බලන ලෙස එම තරුණයා එහිදී ප්‍රකාශ කළද ඔහු තම සමාජ ජාලා ගිණුම් සියල්ල අක්‍රීය කර ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර පසුව පොලීසියට පැමිණ භාර වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...