27 C
Colombo
Thursday, May 2, 2024

මෙරට කොවිඩ් දරුණු අතට. වෛද්‍යවරයෙකුත් මියයයි

- Advertisement -

කොව්ඩ් 19 ආසාදිතව කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (02) පෙරවරුවේ ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
රාගම ශික්ෂණ රෝහලේ සේවයකරමින් සිටි ඒ මහතා මිය යන විට 31 හැවිරිදි වියේ පසුවුණා.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය පළමු වෛද්‍යවරයා ලෙස වාර්තා වන්නේ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතායි.
නුගේගොඩ ලැයිසියම් ජාත්‍යාන්තර පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා චීනයේ ටියැංජින් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණියා.
රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමෙන් අනතුරුව ඔහුව ප්‍රතිකාර සදහා IDH රෝහලට යොමුකර තිබෙනවා.
කලක පටන් දියවැඩියා රෝගයෙන් පීඩාවිදිමින් සිටි ඔහු කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු ආබාධයකටද ලක්වුණා.
පසුව මෙරට එකම එක්මෝ යන්ත්‍රයක් පමණක් ඇති කරාපිටිය ශික්ෂණ රෝහලට දන්තනාරායන මහතා ඇතුළත් කර ප්‍රතිකාර සදහා යොමුකර තිබුණා.
වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක්ද මේ වන විට කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...