30 C
Colombo
Friday, May 3, 2024

කොවිඩ් වැළඳී රෝහල්ගතව සිටි පිරිසකගේ නිවස සොරු බිඳලා

- Advertisement -

පල්ලේගම ප්‍රදේශයේ පදිංචි නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙකුගේ නිවසක් බිඳ එහි තිබු මුදල් සහ ඔහුගේ දේපලවලට අදාළ ලියකියවිලි රැගෙන ගොස් ඇති බව අප වාර්තාකරු සදහන් කළා.

නිවෙස් හිමියා පවසන්නේ සිය ඥාතියෙකු විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් දෙනියාය පොලීසියට පසුගිය 31වනදා පැමිණි කළද ඒ සම්බන්දයෙන් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බවයි.

පසුගිය 21වනදා සිදුකළ PCR පරික්ෂණයකින් පසුව අදාල නිවෙස් හිමියා හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව 23වනදා ප්‍රතිකාර සඳහා යොමුකළ බවත් ඉන් පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනෙකුට සිදු කළ PCR පරික්ෂණ අනුව ඔවුන්ට ද වෛරසය වැළඳි ඇති බව තහවුරු වු බැවින් ඔවුන් ද ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.

ඒ අතරතුර කාලයේදී මෙලෙස සිය නිවෙස තුළට ඇතුළු වී අදාල සොරකම සිදුකර තිබෙන බවයි ඔහු පවසන්නේ.

ප්‍රතිකාරවලින් අනතුරුව සුව වු පසු ඔහු ඊයේ (02) උදැසන සිය නිවසට ගොස් තිබුනද ඒ වනතෙක් පොලීසිය සොරකම පිළිබඳව සොයාබැලීමට තම නිවසට පැමිණ නොමැති බවද ඔහු සදහන් කළා.

මේ පිළිබදව පොලීසියෙන් විමසා සිටියදී පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ නිවස විෂබීජහරණය කර නොමැති නිසා විමර්ශන සඳහා පැමිණිමට නොහැකි බවයි.

එහෙත් බටපොළ ප්‍රාදේශීය සභාව විසින් සිය නිවස විෂබිජානුහරණය කරඇති බව සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් තහවුරු කළ බව ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...