29 C
Colombo
Saturday, May 4, 2024

බෝග බේරා ගැනීම සඳහා සතුන් වඳකිරීමට ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්

- Advertisement -

දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හී කෘෂි නිෂ්පාදනවලට හා වගාබිම්වලට රිලවුන්, වඳුරන්, ඉත්තෑවුන්, වල්ඌරන්, මොනරුන්, දඩුලේනුන් වැනි සතුන්ගෙන් අතිවිශාල හානියක් සිදුවන බැවින් එකී සතුන්ගෙන් සිදුවන හානි හා හිරිහැර අවම කරගැනීම සදහා ක්‍රමවේදයන් පිළිබදව සාකච්ඡාවක් පසුගිය පළවෙනිදා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ වඳුරන්, රිලවුන් වැනි සතුන් කූඩු කර අල්ලා රක්ෂිත වනාන්තර හා දූපත්වල පිහිට රක්ෂිතයන්ට මුදාහැරීමටත් හැකි සෑම අවස්ථාවකදීම එම සතුන්ව වන්ධීකරණයට ලක්කිරීමටයි.

සතුන් ගහණය බහුල ස්ථානයන්හී රිලවුන්, වඳුරන්, වල් ඌරන් වැනි සතුන් වෙත ආහාර සමඟ මුසුකොට උපත් පාලන ඖෂධ වර්ග ලබාදී උපත් ගහණය අඩු කිරීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහභාගී වුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...