33 C
Colombo
Wednesday, May 8, 2024

කොරෝනා මැද සේවය කරන බස්නාහිර විශේෂඥ වෛද්‍යවරු 29 කට මාස 06 කින් වැටුප් නැහැ

- Advertisement -

බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් බස්නාහිර පළාතේ රෝහල්වල විශේෂඥ සහ වැඩබලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කරන වෛද්‍යවරුන් 29 දෙනෙකුට පසුගිය මාස 6 ක කාලයක පටන් සිය වැටුප් ලැබී නොමැති බවට News 19 වෙත තොරතුරු වාර්තා වනවා.

වැටුප් නොලැබීමෙන් පීඩාවට පත්වූ මේ පිළිබදව තොරතුරු අනාවරණය කළ විශේෂඥ වෛද්‍යවරයෙකු සදහන් කළේ තමන්ගේ වැටුප පළාත් සභාවෙන් ගෙවිය යුතු බවට මධ්‍යම රජයත්, එය මධ්‍යම රජයෙන් ගෙවිය යුතු බවට පළාත් සභාවත් කඹ ඇඳීමක නිරතව සිටින බවයි.

බලධාරීන්ගේ මෙම හැසිරීම හේතුවෙන් කොරෝනා වසංගත මැද දැඩි අසීරුතාවයකින් රාජකාරියේ නිරතව සිටින තමන්ට ආර්ථික වශයෙන්ද පීඩාවට පත්වීමට සිදුව ඇතැයි එම වෛද්‍යවරු සදහන් කරනවා.

මේ පිළිබදව අදාල විශේෂඥ වෛද්‍යවරු පිරිස හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම බස්නාහිර පළාත් සෞඛ්‍ය බලධාරීන්ද අවස්ථා ගණනාවකදී දැනුවත් කර ඇතත් මේ වන තෙක් නිසි විසඳුමක් ලැබී නොමැතිවිම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...