30 C
Colombo
Friday, May 3, 2024

ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයාගෙන් ආරම්භයේදීම චීනයට දොස්

- Advertisement -

ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම්වරයා වන ඇන්තනි බ්ලින්කන් සිය ධුරයේ කටයුතු ආරම්භ කරන අතරම චීනයේ ඇතැම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ටිබෙටයේ සහ ෂින්ජියෑන්ග් ප්‍රාන්තවල සිදුවන මානව හිමිකම් උල්ලංඝනයවීම් සම්බන්ධයෙන් මෙන්ම මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය හෙළා නොදැකීම සම්බන්ධයෙන්ද ඇන්තනි බිලින්කන් චීනයට දෝෂාරෝපණය කර ඇති බවයි.

චීන රජයේ ඉහළ පෙළේ විදේශ කටයුතු පිළිබද ප්‍රතිපත්ති සම්පාදකයෙකු වන යැන්ග් ජියේෂි සමග පැවති දුරකතන සංවාදයකදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් ප්‍රකාශ කොට ඇතැයි සදහන් වේ.

ඇමරිකාව සැම විටම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවත් චීනය අන්තර්ජාතික දේශපාලන ව්‍යහුය අවභාවිතා කරන බවටත් ඔහු මෙහිදී චෝදනා කර තිබේ

මෙි අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිරියේදී චීනය සහ ඇමරිකාව අතර දේශපාලන සබදතා ට්‍රම්ප් පාලන සමයටත් වඩා උණුසුම් වනු ඇති බවයි.

විශේෂයෙන් ඇමරිකාව චීනයේ විදේශ පිලිවෙතට එරෙහිව දැඩි ප්‍රතිවිරෝධතා දැක්වීමට ඉඩ ඇති බවත් ඒ හරහා ලෝක දේශපාලනය තවදුරටත් උණුසුම් වනු ඇති බවටත් අදාළ මාධ්‍ය වාර්තා කොට තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...