29 C
Colombo
Saturday, May 4, 2024

ඇමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක ටික්ටොක් තහනම්

- Advertisement -

ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි සහ ඔහියෝ ප්‍රාන්ත බලධාරීන් පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ, රාජ්‍ය ආයතනවල විද්‍යුත් උපාංගවල උපයෝගී කරගනිමින් ජනප්‍රිය වීඩියෝ යෙදුමක් වන ටික්ටොක් (TikTok) භාවිතය තහනම් කිරීමට ඔවුන්ද අනෙක් ප්‍රාන්ත සමඟ එක්වන බවයි.

චීන තාක්‍ෂණ සමූහ සමාගමක් වන බයිට්ඩාන්ස් සතු TikTok වීඩියෝ යෙදුම රාජ්‍ය උපාංගවලින් තහනම් කිරීමට අමතරව හුවාවේ, හික්විෂන් ඇතුළු දුසිමකට වැඩි මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් තහනම් කරන බවද ප්‍රජාතන්ත්‍රවාදියකු වන නිව් ජර්සි ආණ්ඩුකාර ෆිල් මර්ෆි පවසා ඇත.

මර්ෆිගේ කාර්යාලය පෙන්වා දෙන්නේ TikTok භාවිතය හේතුවෙන් පරිශීලකයන්ගේ දත්ත අනවරණය වන බවත්, එමගින් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටළු ඇති වී ඇති බවත්ය.

රිපබ්ලිකානුවෙකු වන ඔහියෝ ආණ්ඩුකාර මයික් ඩිවයින් පවසා ඇත්තේ, මෙම යෙදුම් සහ සයිබර් ආරක්ෂණ භාවිතයන් හරහා ජාතික සහ ප්‍රාදේශීය ආරක්ෂාව මෙන්ම සයිබර් ආරක්ෂණයටද තර්ජන මතු කර ඇති බවයි.

මෙලෙස රිපබ්ලිකන් ආණ්ඩුකාරවරු TikTok යෙදුම රාජ්‍ය උපාංගවලින් තහනම් කිරීමට නායකත්වය දී ඇති අතර සමහර ඩිමොක්‍රටික් ආණ්ඩුකාරවරුන් එසේ කිරීමට ප්‍රමාද වී ඇති බවද ජනමාධ්‍ය වාර්තා කරයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...