30 C
Colombo
Saturday, May 4, 2024

බයිඩන්ගේ නිවසින් රහසිගත ලේඛණ හමුවෙයි

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් හි පිහිටි නිවසේ තිබී රහසිගත ලේඛණ 06ක් සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ අමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් පිරිසක් විසින් බයිඩන්ගේ නිවස පැය 13ක පමණක කාලයක් සෝදිසි කර ඇති බවයි.

එහිදී මෙම රහසිගත ලේඛන සොයාගෙන තිබෙනවා.

බයිඩන් සෙනට් සභිකයෙක් ලෙස සිටි කාලයට සහ උප ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කළ කාලයට අයත් ලියකියවිලි කිහිපයක් ඒ අතර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මීට පෙර අමෙරිකානු ජනාධිපතිගේ වොෂින්ටන් හි පිහිටි නිවසේ තිබී ද රහසිගතව ලේඛන කිහිපයක් සොයාගත් අතර අදාළ ලේඛන නිවෙස් තුළ තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

මෙලෙස සොයාගත් ලේඛන සියල්ල ජාතික ලේඛනාගාරයට සහ අධිකරණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...