29 C
Colombo
Saturday, May 4, 2024

පකිස්ථානයේ ඉපැරැණි හින්දු සහ සීක් දේවස්ථාන අනතුරේ

- Advertisement -

පකිස්තානය තුළ පවතින ඉපැරැණි හින්දු සහ සීක් ආගමික ස්ථාන රැසක් විනාශ වීමෙි අනතුරැකට මුහුණ පා ඇතැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ විශේෂ වාර්තාවක දැක්වේ.

අදාළ ආගමික ස්ථානවල තත්වය සහ ආරක්ෂාව පිලිබද සොයා බැලීම සදහා පකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පත් කළ ආචාර්ය සොහීබ් සද්ල් කොමිසමෙි වාර්තාව මගින් මෙම තොරතුරු හෙළිදරව් කර තිබේ.

දැනට පකිස්තානය තුළ හින්දු සහ සීක් දේවස්ථාන 470 ක් පමණ පවතින අතර ඉන් 31 ක් පමණ තවමත් දෛනික වන්දනාමාන කටයුතුවලට ලක්වේ.

නිසි ⁣නඩත්තුවක් නොමැතිවීම සහ ඒවාට අයත් ඉඩම් බහුතර මුස්ලිම් ජාතිකයන් විසින් අත්පත් කර ගැනීම හේතුවෙන් අදාළ ආගමික ස්ථානවලින් විශාල සංඛ්‍යාවක් අනතුරැදායක තත්වයකට මුහුණ දී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

මෙම ආයතනවල ආරක්ෂාව සහ නඩත්තුව සදහා ස්ථාපිත කර ඇති විශේෂ භාරකාර මණ්ඩලය ඊට අදාළ,වගකීම් පැහැර හැර ඇති බවත් මෙම වාර්තාව මගින් අනාවරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...