27 C
Colombo
Wednesday, May 8, 2024

ඩ්‍රයිවර් කොන්දොස්තරට මැරෙන්නම ගහලා

- Advertisement -

මොණරාගල සිට කටුනායක දක්වා පැමිණි ලංගම බස් රථයක රියදුරු කළ පහරදීමකින් එම බස් රථයේ සේවයේ නිරත වූ කොන්දොස්තරවරයා මියගොස් තිබෙනවා.

පසුගිය 23 වනදා රාත්‍රියේ රියදුරු සහ කොන්දොස්තරවරයා බස් රථය කටුනායක විහාරස්ථානයක නවතා තබා ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එදින රාත්‍රියේ ඔවුන් දෙදෙනා තවත් පුද්ගලයෙක් සමඟ මත්පැන් පානය කර ඇති අතර එහිදී යම් බහින් බස්වීමක් සිදුව තිබෙනවා.

ඉන් අනතුරුව රියදුරු කොන්දොස්තවරයාට බෝතලයකින් පහරදී ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 38 හැවිරිදි කොන්දොස්තවරයා කටුනායක පොලීසිය වෙත පැමිණ පැමිණිල්ලක් කර මීගමුව මහා රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්ව වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොන්දොස්තවරයා ඊයේ (24) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පහරදීම සම්බන්ධයෙන් 36 හැවිරිදි රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...