32 C
Colombo
Sunday, May 5, 2024

නබිතුමාට අපහාස කළොත් මැරෙනකම් හිරේ

- Advertisement -

ආගමික කාරණා සම්බන්ධයෙන් අවමන් සහගත ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දඩුවම් වැඩි කිරීමේ අරමුණින් පසුගිය සතියේ සම්මත කරන ලද අපරාධ නීති සංශෝධනය පිළිබඳව පාකිස්තානයේ මානව හිමිකම් කොමිසම (HRCP) දැඩි කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය ජනවාරි 17 වන දින ජාතික සභාවේදී ඒකමතිකව සම්මත කරන ලද 2023 අපරාධ නීති (සංශෝධන) පනත පිළිබඳව තමන් බරපතල අප්‍රසාදයද පලකරන බව මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කොමිසම පවසා ඇත.

මෙම පනතේ ප්‍රකාශිත අරමුණ නිකායිකවාදය මැඩපැවැත්වීම වන අතර, එය පාකිස්ථානයේ පීඩාවට පත් වූ ආගමික සුළුතරයන්ට සහ සුළුතර නිකායන්ට හිංසා පීඩා උත්සන්න කිරීම බව කොමිසම පෙන්වාදී තිබේ.

මෙම නව සංශෝධනය මගින් ශුද්ධ වූ පුද්ගලයන්ට අවමන් සහගත ප්‍රකාශ භාවිත කිරීමේ දඬුවම වසර තුනක සිට දඩයක් සමඟින් වසර දහයකට නොඅඩුව පවතී තත්වය, ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා වැඩි කර ඇති බව පැවැසේ.

නව සංශෝධනය ව්‍යවස්ථාව මගින් ශුද්ධ වූ පුද්ගලයන් වන නබි (සල්) තුමාගේ පවුල, භාර්යාවන් සහ සහචරයන් සහ කාලිෆාවරුන් සිව්දෙනාට එරෙහිව නින්දා සහගත ප්‍රකාශ භාවිත කිරීමේ දඬුවම වසර තුනක සිට ජීවිතාන්තය දක්වාවූ සිරදඬුවමක් දක්වා මෙලෙස වැඩි කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...