28 C
Colombo
Wednesday, May 8, 2024

චීනය ඉන්දියාව ජල යුද්ධයකට සූදානම් වේ

- Advertisement -

ඉන්දියාවනු සහ නේපාලය සීමාවන්ට යාබද ‘ත්‍රිහන්දි’ මායිමේ සිට කිලෝමීටර කිහිපයක් උතුරින් මාබ්ජා සන්ග්බෝ ගඟේ දැවැන්ත වේල්ලක් ඉදිකිරීම චීනය වේගවත් කර ඇත. මෙමගින් චීනය ඉන්දියාව සමඟ අනාගත ජල යුද්ධයක් සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

එම ව්‍යාපෘතියේ නවතම චන්ද්‍රිකා ඡායාරූප මත පදනම්ව, වාර්තා පෙන්වා දෙන්නේ චීන වේල්ල උත්තරකාන්ද් ප්‍රාන්තයේ කලපානි ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටා ඇති බවයි.

විශ්ලේෂකයන් පවසන්නේ චීනය උත්තරකාන්ද් අසල වේල්ලක් ඉදිකිරීමෙන් කලාපයේ ජලය පිළිබඳ පූර්ණ පාලනය සියතට ගැනීමට සැලසුම් කරමින් සිටින බවයි.

මීට අමතරව චීනය අරුණාචල් ප්‍රදේශ් ආසන්නයේද දැවැන්ත වේල්ලක් ඉදිකිරීමේ කටයුතු අවසන් කරමින් සිටී.

මූලාශ්‍රවලට අනුව මෙම වේල්ල හරහා බ්‍රහ්මපුත්‍ර ගඟේ ජල ප්‍රවාහය වෙනස් කිරීමට චීනයට හැකියාව ලැබේ. බ්‍රහ්මපුත්‍ර ගංගාව ඊසානදිගට පමණක් නොව බංග්ලාදේශයේ ද ජීවනාලිය වේ.

මෙය අරුනාචල් සහ ඇසෑම් ප්‍රදේශවල ජල හිඟයකට තුඩු දෙනු ඇති අතර, යාබද බොහෝ ප්‍රදේශ ගංවතුර තර්ජනයකටද ගොදුරු කරනු ඇතැයි පැවසේ.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...