28 C
Colombo
Wednesday, May 8, 2024

න්‍යෂ්ටික අවි ගබඩා නවීකරණයට ඉන්දියානු ඇස යොමුවේ

- Advertisement -

මින් පෙර පාකිස්ථානය කේන්ද්‍ර කර ගත් ඉන්දීය න්‍යෂ්ටික උපාය මාර්ගය දැන් චීනය කෙරෙහි යොමු කර ඇති බව ඇමරිකානු විද්‍යාඥයන්ගේ සම්මේලනයේ (FAS) 2022 වාර්තාව පෙන්වාදෙයි.

ඉන්දියාවේ දැනට පවතින න්‍යෂ්ටික හැකියාව ඇති ගුවන් යානා, ගොඩබිම් පාදක බෙදාහැරීමේ පද්ධති සහ මිසයිල දියත් කරන සබ්මැරීන ආදී නව ආයුධ පද්ධති හතරක් ප්‍රතිස්ථාපනය වෙමින් පවතින බව එම වාර්තාව මගින් අනාවරණය කර ඇත.

ඉන්දියාව දැනට විවිධ න්‍යෂ්ටික හැකියාවන් සහිත පද්ධති අටක් ක්‍රියාත්මක කරනු ලබයි. ඊට ගුවන් යානා දෙකක්, ගොඩබිම් බැලස්ටික් මිසයිල හතරක් සහ මුහුද මත පදනම් වූ බැලස්ටික් මිසයිල දෙකක් ඇතුලත් වේ.

ඇමරිකානු විද්‍යාඥයන්ගේ සම්මේලනයේ හෑන්ස් එම්. ක්‍රිස්ටීන් සහ මැට් කොර්ඩා විසින් ලියන ලද අදාළ වාර්තාවට අනුව ඉන්දියාව අවම වශයෙන් තවත් පද්ධති හතරක් සංවර්ධනය කරමින් සිටින අතර ඒවායින් බොහොමයක් නිම වෙමින් පවතී .

චීනය දැන් ඉන්දියානු බැලස්ටික් මිසයිල පරාසයක පවතින බවද එහි සඳහන් වේ.

FAS ට අනුව, ඉන්දියාව සතුව ආසන්න වශයෙන් න්‍යෂ්ටික අවි 160ක් සිය ගබඩාවේ පවතී.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...