32 C
Colombo
Sunday, May 5, 2024

නුවර රථ පෙරහැරකින් ගියේ කවුද? (VIDEO)

- Advertisement -

ඊයේ (02) දින කොළඹ සිට නුවර ගොස්, මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පිරිසක් සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.

ඉන් ඇතැම් අය ඉන්දියාවේ සිය නේවාසික කාර්යාලය පවත්වාගෙන යන ධුත මණ්ඩල ප්‍රධානීන් වන අතර තවත් පිරිසක් කොළඹ පදනම්ව සිය රාජතාන්ත්‍රික කටයුතු සිදු කරන අයයි.

එන්’ ඩ්‍රි එරික් කැමිල් – කෝට් දි අයිවරි (Côte d’Ivoire) තානාපති, ජේසන් කේ හෝල් – ජැමෙයිකා මහ කොමසාරිස් (නවදිල්ලිය), ඇල්බර්ටෝ ග්වානි අමරිලා – උරුගුවේ තානාපති (නවදිල්ලිය), ගැන්බෝල්ඩ් ඩම්බජව් – මෝන්ගෝලියාව තානාපති (නවදිල්ලිය), අනිසා කපුෆි බෙගා – ටැන්සානියා මහ‍ කොමසාරිස්වරිය (නවදිල්ලිය), සිනිසා පවික් – සර්බියාව තානාපති (නවදිල්ලිය), ලියොනාඩ් මෙන්ගසි – මලාවි මහ කොමසාරිස් (නවදිල්ලිය), අබ්දල්ලා ඔමර් එල් හුසේන් – සුඩානය තානාපති (නවදිල්ලිය), එරික් වොල්ෂ් – කැනඩා තානාපති, යුරි බබකානියන් – ආමේනියාව තානාපති (නවදිල්ලිය), ස්ලොබඩන් උසුනොව් – උතුරු මැසඩෝනියාව තානාපති – (නවදිල්ලිය), රොබට් මැක්සියන් – ස්ලොවැකියාව තානාපති (නවදිල්ලිය), බඩ්ලි හිෂාම් බින් අදාම් – මැලේසියාව මහ කොමසාරිස්, ආචාර්ය එලිස්කා සිගෝවා – චෙක් ජනරජය තානාපතිනිය (නවදිල්ලිය), ජෑන් තෙස්ලෙෆ් – ස්වීඩනය තානාපති (නවදිල්ලිය), ෆ්‍රැන්සිස්කෝ තියොඩොරෝ ගුවාරා – ඉක්වදෝරය තානාපති – (නවදිල්ලිය) සහ අලි ෆයිස් – මාලදිවයින මහ කොමසාරිස් මෙම පිරිස යි.

මෙම අක්තපත්‍ර ලබාදමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක එක්ව සිටි බවයි පැවසෙන්නේ.

කොළඹ සිට නුවර ගිය මෙම පිරිසගේ අක්ත පත්‍ර භාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමඟ මහනුවර ජනාධිපති මන්දිරයේ දී සුහද සාකච්ඡාවකට ද එක්ව තිබෙනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...