33 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ නැගිටීම බ්‍රිතාන්‍යයට රිදුණාද?

- Advertisement -

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉලක්ක කරගනිමින්, ඔහුට අපහාස වන ආකාරයෙන් විකාශය කරන ලද වාර්තා චිත්‍රපට දෙකක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ BBC පුවත් සේවය මේ වන විට දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටී. කෙසේවෙතත් BBC යේ සැබෑ ක්‍රියාකාරිත්වය පිළිබඳව දන්නා පිරිස් ඉන්දීය අගමැතිවරයාට එරෙහිව දියත් කරන ලද මෙම මතවාදී පහරදීම පිළිබඳව පුදුමයට පත්වන්නේ නැත. අලුතින් හැඩගැසෙන ගෝලීය අනුපිළිවෙලෙහි එක්සත් රාජධානියේ ප්‍රතිරූපය ඉහලින්ම පවතින බව සහතික කිරීම සඳහාත්, යටත්විජිතවාදය සහ නව යටත්විජිතවාදය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතවත් පිහිටුවන ලද විකාශන ආයතනයකින් තවත් කුමක් අපේක්ෂා කළ හැකිදැයි BBC ය විවේචනය කරන බොහෝදෙනා මෙහිදී විමසා සිටිති. අනෙක් අතට ආර්ථිකමය වශයෙන් ඉන්දියාව විසින් දැනටමත් එක්සත් රාජධානිය බොහෝ පසුපසට ඇදදමා ඇති අවස්ථාවක, මෙවැනි පහරදීමක් තමාව දීර්ඝ කාලයක් පාලනය කරන ලද යටත්විජිතවාදී රාජ්‍යයකින් අපේක්ෂා නොකරන්නේ නම්, එය ඉන්දියාව විසින්ද සිදුකර ඇති වැරදි තක්සේරු කිරීමකි.

BBC ය විසින් ඉන්දීය අගමැතිවරයා ඉලක්ක කර ඇත්තේ, 2002 ගුජරාට් කෝලාහලයට එවකට මහඇමතිවරයා ලෙස ඊට මෝදි සම්බන්ධ බවට චෝදනා කරමිනි. මෙම වාර්තා චිත්‍රපටයේ පළමු කථාංගය එනම්, India: The Modi Question, පසුගිය ජනවාරි 23වැනිදා බ්‍රිතාන්‍යයේ විකාශය කෙරිණි. අනතුරුව ඉන්දියාවේ විරෝධතා නොතකා එහි දෙවන කොටසද විකාශය කිරීමට BBC ය පියවර ගත්තේය. මෙම චිත්‍රපටයේ ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ, ඊට යොදාගෙන ඇත්තේ කිසිදු තහවුරු කිරීමකින් තොර තොරතුරු වීමයි. ගුජරාට සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බැවින්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ නිරවද්‍යතාව තහවුරු කර තිබේ. එවැනි පසුබිමක ඉන්දීය නායකයාට පහරදීමට සාවද්‍ය තොරතුරු භාවිත කිරීම යනු පැහැදිලිවම BBC ය විසින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පලුදු කරවීමට ගන්නා ලද උත්සාහයකි. එහෙත් එම ප්‍රකාශය සියයට සියයක් සැබෑවක් නොවේ. ඊට හේතුව BBC ය ස්වාධින ආයතනයක් ලෙස හිඳිමින් මෙම ප්‍රහාරය දියත් කර නොමැති බැවිනි. BBC සඳහා අරමුදල් සපයන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇති මුලාශ්‍රයන් විසිනි. එමනිසා BBC ය ස්වාධීන යැයි කිව නොහැකිය.

එබැවින්, බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ විරෝධතා වුව නොසලකා හරිමින් වුවද, හොඳම ජාතික අවශ්‍යතාව කුමක්දැයි බීබීසී ප්‍රධානියා තීරණය කළ හැකි අවස්ථා තිබිය හැකිය. BBC හි අධ්‍යක්ෂ ජනරාල් ටීම් ඩේවි විසින් එක්සත් රාජධානියට හොඳ කුමක්ද යන්න තීරණය කරනු ඇත. ආසියානු (ඉන්දියානු) සම්භවයක් ඇති අගමැතිවරයකු යටතේ එක්සත් රාජධානිය ඉන්දියාවට ඕනෑවට වඩා සමීප වන බව ඔහුට හැඟේ නම්, ඔහුට තම ඉන්දීය විරෝධී න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යා හැකිය. එසේ නොමැති නම්, 2002 ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයාව සිටියදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ගුජරාට් කෝලාහලයට කිසිදු සම්බන්ධයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුවෙන් ප්‍රකාශ කර තිබියදී, ඉන්දියාව තුළ සමථයකට පත් වූ ප්‍රශ්නයක් ඔහු අවුස්සන්නේ ඇයි?

මෙහිදී BBC යට ඇති ප්‍රධානම ප්‍රශ්නය වන්නේ, ඉන්දියාව සිය බ්‍රිතාන්‍ය කිරීටය විසින් පාලනය කළ යටත් විජිතයක් වීමය. එමනිසා වසර 75කින් අනතුරුව වුවද ඉන්දියාව විසින් බ්‍රිතාන්‍යය අභිබවා යෑම BBCයට පෙනෙන්නේ වරදක් ලෙසිනි. එහිදී සිය රජුගේ නාමයෙන් ඕනෑම පහරදීමකට BBC ය සූදානම්ය. එහි අනෙක් අර්ථය වන්නේ බ්‍රිතාන්‍යය සිය ජනමාධ්‍ය මෙහෙයුම ඔස්සේ සිය පූර්ව යටත් විජිතවාසීන්ට පහරදීමට ඕනෑම මොහොතක සුදානම් බවය. එය තමන් විසින් ක්‍රියාත්මක කරන ලද යටත් විජිතවාදයේ නුතන නැඹුරුවක් මිස අන් කිසිවක් නොවේ. සිය ‘සුදු හම’ පිළිබඳ හීනමානයක් මිස වෙන යම් කරුණක් නොවේ. ඉන්දියාව අද අපසුවන්නේ විශාලතම ගෝලීය ආර්ථිකයන් අතර 05වැනි ස්ථානයේය. එම ස්ථානය හිමිකර ගැනීමේදී, ඉන්දියාව සිය අතීත පාලකයා වූද, එම ස්ථානයේ කලක් රැඳුණා වූද බ්‍රිතාන්‍යය පසුපසට ඇදදැමීමට සිදුවිය. ඉතින්, තවමත් සිය කිරීටය පිලිබඳ උදම් අනන බ්‍රිතාන්‍යය විසින් එවැනි නොවැලැක්විය හැකි අවමානයක් ඉවසනු ඇතැයි ඉන්දියාව සිතීම හාස්‍යයට කරුණකි.

අනෙක් අතට ඉන්දියාව විසින් ලොව බලවත්ම සංවිධානයක් වන G20 සංවිධානයේ නායකත්වයට, එනම් සභාපතිත්වයට පත්වූයේ මෑතකදීය. 2022 දෙසැම්බර් 01වැනිදාය. ඉන්දීය විරෝධී ආඛ්‍යානයක් මෙහෙයවමින් සිටින බ්‍රිතාන්‍යයට එයද දැරිය නොහැක්කක් බවට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. G20 සභාපතිත්වය භාරගනිමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙන්වාදුන්නේ ලෝකයට අහිමිවී ඇති සාමය නවත ලබාදීම සහ විශේෂයෙන් ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවල හඬ ලොවට ගෙනයෑම සිය අරමුණ බවයි. ඒ වෙනුවෙන් රටවල් 120ක සහභාගිත්වයෙන් පසුගිය ජනවාරියේදී ‘ගෝලීය දකුණේ හඬ’ නමින් විශේෂ සමුළුවක් සංවිධානය කිරීමටද ඉන්දියාව පියවර ගත්තේය. ඊට අමතරව මෙම වසර තුල පමණක් G20 සිය නායකත්වය යටතේ සංවිධානයේ විවිධ අංශ නියෝජනය කෙරෙන ආකාරයෙන් රැස්වීම් සහ සමුළු 200ක් පැවැත්වීමට ඉන්දියාව සැලසුම් කර ඇත.

අනෙක් අතට G20 නායකයා ලෙස, බටහිරට දැඩි අවදානමක් ගෙනදී ඇති රුසියානු-යුක්රේන යුද්ධය නවතා ගැනීමත්,බටහිරයන් විසින් ඉන්දියාවෙන් අපේක්ෂා කරයි. පෙර කී හැසිරීම මධ්‍යයේ වුවද, බ්‍රිතාන්‍යයද ඉන්දියාවේ යුක්රේන ප්‍රශ්නයට මැදිහත්වීමක් අපේක්ෂා කරන කණ්ඩායම අතර වේ. විශේෂයෙන්ම රුසියාවේ දිර්ඝකාලිම මිත්‍රයකු ලෙස ඉන්දියාවට ඊට වපරිසයක් පවතින බව යුරෝපය හඳුනාගෙන ඇත. ජර්මනිය සහ ප්‍රංශය විසින් මේ වන විට නිල වශයෙන්ම යුක්රේන යුද්ධයට මැදිහත්වන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇත්තේ එමනිසාය. ඒ අනුව සිය වසරක G20 න්‍යාය පත්‍රයට යුක්රේන අර්බුදයද ඇතුලත් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත. ඒ අනුව, යම් හෙයකින් ඉන්දියවේ මැදිහත්කාරකම මත නුදුරු අනාගතයේදී යුක්රේන යුද්ධයට විසඳුමක් ලබාගැනීමට හැකියාව ලැබුණහොත්, මේ මොහොතේ ඉන්දියාව ලෝකයේ වීරයා බවට පත්වීම වැළක්විය නොහැකි වනු ඇත. ඒ අනුව යුක්රේන යුද්ධය අවසන් කරගැනීමේ අභිලාෂය මතින් වුවද, ඉන්දියාවේ මෙම නැගීසිටීමට එරෙහිව බ්‍රිතාන්‍ය පශ්චාත් යටත් විජිතවාදී ආඛ්‍යානය මෙහෙයවීම වැළක්විය නොහැකිවනු ඇත.

ඇත්තෙන්ම බ්‍රිතාන්‍යය ඇතුළු යම් යම් බටහිර පාර්ශ්වයන් මේ වන විටත් එම සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද දැකගත හැකිය. හොඳම උදාහරණය වන්නේ, පසුගිය සති කිහිපයේදී යුරෝපයේ සංචාරයක යෙදුණු ඉන්දීය විදේශ ඇමැති එස්.ජයිශංකර් සහභාගිවූ සෑම ජනමාධ්‍ය හමුවකදී පාහේම, ඉන්දියාව රුසියාවෙන් බොරතෙල් සහ ගල්අඟුරු ඇතුළු බලශක්තිය මිලදීගැනීම වැඩිකර ඇත්තේ මන්දැයි යුරෝපා ජනමාධ්‍යවේදීන් නොනවත්වා විමසීමයි. යුක්රේන යුද්ධය මධ්‍යයේ ඉන්දියාව රුසියාවෙන් සිදුකෙරෙන ඉන්ධන මිලදී ගැනීම් වැඩිකර ඇති බව අසත්‍යයක් නොවේ. එහෙත් යුරෝපය විසින් සම්බාධක පනවා ඇති නිසා රුසියාවේ නිෂ්පාදනය කෙරෙන බොරතෙල් සහ ගල්අඟුරු තොගවල අතිරික්තයක් නිර්මාණය වී ඇත. එමනිසා විය වෙළඳපොල අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දියාව වැනි විශාල ඉල්ලුම්කරුවකුට සැලකිවයුතු වට්ටමක් යටතේ ඉන්ධන සැපයීමට රුසියාව පසුබට වන්නේ නැත. ඉන්දියාවද යුද්ධයක් මධ්‍යයේ වුවද අසාධාරණ ලාභ නොමැති මෙවැනි අවස්ථාවකින් ප්‍රයෝජන ගැනීමට පසුබටවී නැත. අනෙක් අතට සම්බාධක මධ්‍යයේ වුවද තවමත් යුරෝපය ඉන්දියාවට වැඩ වැඩි ඉන්ධන තොග ප්‍රමාණයක් රුසියාවෙන් මිලදී ගන්මින් සිටී. එවැනි තත්වයක් තුල බටහිර ජනමාධ්‍යවේදීන් විසින් එවැනි ප්‍රශනයක් නැගීම හුදෙක් ඉන්දියාව අපහසුතාවට ලක්කිරීමට සිදුකරන්නක්ම බව පැහැදිලිවම දැකගත හැකිය.

කෙසේහෝ වේවා, අවසාන වශයෙන් කිවයුත්තේ ඉන්දියාවේ මෑතකාලීන වේගවත් නැගීසිටීම බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර ජාතීන්ට දරාගත නොහැකි පිඩාවක් බවට පත්ව ඇති බවය. ඊට ප්‍රධානම හේතුව වන්නේ රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම හෝ ඉන්දියාව ආර්ථික වශයෙන් වැඩ වඩාත් ශක්තිමත් වීමම නොවේ. ප්‍රධානම හේතුව වන්නේ බටහිරයන්ට සිය යටත්විජිතවාදී චින්තන රටාව 21වැනි ශතවර්ෂයේදී පවා වෙනස් කරගැනීමට නොහැකිව පැවතීමයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...