30 C
Colombo
Saturday, May 4, 2024

හෙටින් ඇරඹෙන සිංහ – කිවි සටන

- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට එක් වන්නේ දේශීය පළමු පෙළ සිව්දින ජාතික සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් සහ නවීකරණය කෙරුණු රදැල්ල ක්‍රීඩාංගනයේ පැවති නේවාසික කඳවුරකට එක්ව මනා සූදානමකින්.

කෙසේ වෙතත් නවසීලන්ත වේග පන්දු බල ඇණියේ පීඩනය කිසිසේත් අවතක්සේරු කළ හැකි නොවේ.

නවසීලන්තයේ දී ශ්‍රී ලංකා කණ්ඩයම පුහුණු තරගයකට එක් වුවත් එයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා.

එහි සාධනීය ප්‍රතිඵලයක් ලෙස ගත හැක්කේ කුසල් මෙන්ඩිස් හා ඕෂධ ප්‍රනාන්දු පිළිවෙළින් ලබා ගත් ලකුණු 95 සහ 78යි.

විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය  යන ශ්‍රී ලංකා පන්දු බල ඇණියට අත්දැකීම් අඩු  බැවින් පළපුරුදු පිතිකරණ අනුපිළිවෙල (මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් නවසීලන්තයේදී අසීරු ශතක ලබා ඇත) මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම රැඳී තිබෙනවා.

නවසීලන්තයේදී මෙතෙක් පැවති ටෙස්ට් තරග 19ක් අතුරින් ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 2ක් පමණයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිව අවසන් වරට ටෙස්ට් තරගයක් ජයගත්තේ 2006 වසරේදී වන අතර දෙරට අතර 2018 දී අවසන් වරට පැවති තරගයේදී ශ්‍රීලංකාවට ලකුණු 423ක දරුණු පරාජයක් උරුම වුණා.

හෙට තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ː ඕෂධ ප්‍රනාන්දු, දිමුත් කරුණාරත්න (නායක), කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවේ තණතීරුව ඉක්මනින් වියළි වන බැවින් දඟ පන්දු යවන්නන්ට වැඩි සහයක් ලබා දෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

නිමා වූ එංගලන්ත තරග සංචාරයේදීත් දඟ පන්දු යවන්නන් අතරේ කඩුලු කිහිපයක් බෙදී ගිය බව සිහිපත් කළ ශ්‍රී ලංකා නායකයා ධනංජය ද සිල්වාට අමතරව තවත් එක් විශේෂඥ දඟ පන්දු යවන්නෙක් කණ්ඩායමට ඇතුලත් වීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන් කළා.

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 3.30ට ආරම්භ වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...