33 C
Colombo
Sunday, May 5, 2024

කුසල් හා දිමුත් සුපුරුදු දස්කම් අතරට

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ වන විට ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්ත නායක ටිම් සවුතී පන්දු යැවීම තෝරා ගත්තා.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන අවසන් තරගාවලිය මෙයයි.

2 – 0 ක් ලෙස මෙම තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගතහොත් සහ අද ආරම්භ වන ඉන්දියා – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් තරගය ඉන්දියාව ජයග්‍රහණය නොකළහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනවා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ඕෂධ ප්‍රනාන්දු සමගින් දිමුත් කරුණාරත්න.

ටිම් සවුතීගේ පන්දුවක් හමුවේ ඕෂධ ලකුණු 13කට දැවී ගියා.

ඉන් අනතුරව කඩුල්ලේ එක් වුණු කුසල් මෙන්ඩිස්, දිමුත් සමග එක්ව වේගවත් සබඳතාවක් ගොඩනගමින් සිටිනවා.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් හතරේ පහර 15ක් සමගින් නොදැවී ලකුණු 73ක් සහ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 33ක් ලබා සිටියා.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 120ක් ලෙස දැක්වුණා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...