28 C
Colombo
Saturday, May 4, 2024

කිවියන් හමුවේ සිංහයින් පළමු දිනයේ ගෞරවය රැක ගනී

- Advertisement -

නවසීලන්තය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය නිමා වන විට කඩුලු 6 කට ලකුණු 305ක් රැස්කරමින් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දිනයේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වුණා.

හැග්ලි ඕවල් හිදී  කාසිය වාසිය දිනූ ටිම් සවුතිගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිලේ මුල්පෙළ පිතිකරුවන් විශේෂයෙන් කුසල් මෙන්ඩිස් සිත් ඇදගන්නාසුළු ආරම්භයක් ලබා දුන්නා.

කෙසේ වෙතත් කඩුලු 5ක් දවාගත් ටිම් සවුති සහ මැට් හෙන්රිගේ නොපසුබස්නා උත්සාහය තරගයේ ජීවය රඳවා තබා ගත්තා.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයේ තරගය නතර කරන  විට ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 39ක් ලබාගෙන සිටි අතර, ඔහු සමඟින් කසුන් රාජිත ලකුණු 16ක් ලබාගෙන කඩුල්ලේ රැඳී  සිටියා.

ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා ගත් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 16ක් ඇතුළත් වුණා.

ඔහු සමග දෙවන කඩුල්ලට ලකුණු 135ක සබඳතාවක් ගොඩනැඟූ දිමුත් කරුණාරත්න ලකුණු 50කට දැවී ගියා.

මැද පෙළ සවිමත් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් ලබා ගත්තා.

සිය ටෙස්ට් දිවියේ ලකුණු 7000 සීමාව පසුකර ගිය මැතිව්ස් එම දස්කම කළ තුන්වන ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...