26 C
Colombo
Monday, May 20, 2024

පොලීසිය ලෙස රඟපා ෆෝන් 90ක් සොරකම් කරලා

- Advertisement -

පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් යතුරුපැදිවලින් ගොස් පුද්ගලයන් බිය වද්දා ඔවුන් සතු ජංගම දුරකථන 90කට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිඝනක ඇතුළු භාණ්ඩ කොල්ලකෑ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මෝදර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට සිදුකර ඇති බවයි.

අදාළ සැකකරුවන් විසින් මෙලෙස සොරකම් කරන ලද භාණ්ඩ ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මතයි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් විසින් කොල්ලකෑ ඇපල් අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 44, ලැප්ටොප් පරිගණක 5, ටැබ් පරිගණක දෙකක්, පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්වෙලා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 07ක පුද්ගලයින් 19,234 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව බලධාරීන් පවසනවා. පීඩාවට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 4,786ක්. එමෙන්ම නිවාස...

ජනාධිපති මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17...

පුත්තලමේ පාසල් හෙට – අනිද්ද වහලා

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...