32 C
Colombo
Tuesday, May 7, 2024

අන්දමන් දූපතට ඉහළිනුත් චීන බැලුමක් පියාඹලා

- Advertisement -

එක්සත් ජනපදය විසින් තම රටට ඉහළ අහසේ ඔත්තු බැලූ චීන බැලූනයක් විනාශ කර සති කිහිපයකට පසු, අනාගතයේදී එවැනි තත්වයකට මුහුණ දීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි සකස් කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ ද මේ වන විට සාකච්ඡා කරමින් සිටී.

මීට වසරකට ඉහතදී අන්දමන් ප්‍රදේශයට ඉහළින් මෙවැනිම බැලූනයක් ඉන්දීය හමුදා විසින් ද දැක තිබුණද, දින තුන හතරකට පසු එය ඉවතට පාවී යන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ.

එවැනි බැලූන හැසිරවීමේ යාන්ත්‍රණයක් තිබිය හැකි බවත් අයිතිකරුට අවශ්‍ය ප්‍රදේශය මත ස්ථාවර කළ හැකි බවත් දැන් පැහැදිලි වෙමින් තිබේයැයි ආරක්ෂක අංශ නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉදිරියේදී මෙවැනි බැලූන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, අවශ්‍ය නම් කුමන ආකාරයේ අවියක් හෝ වේදිකාවක් යොදාගෙන ඒවා ඉලක්ක කර පහර දෙන්නේද යන්න පිළිබඳවත් සාකච්ඡා කෙරෙන බවද ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

රටේ ඕනෑම ස්ථානයකට ඉහළින් හෝ ඒ ආසන්නයේ ඇති එවැනි වස්තූන් හඳුනා ගැනීම සඳහා පවතින රේඩාර් ජාලය භාවිතා කිරීම පිළිබඳව ද හමුදාව සාකච්ඡා ආරම්භ කර තිබේ.

අඩි 60,000 ට වඩා ඉහළින් ක්‍රියාත්මක වන එවැනි පියාසර වස්තූන් සම්බන්ධ ජාත්‍යන්තර නීති ද අධ්‍යයනය කරමින් සිටින බව නිලධාරීන් පෙන්වාදී ඇත.

අමෙරිකානු අහසට ඉහළින් තිබූ බැලූනය බිම හෙළීමෙන් පසු ඉන්දීය ආරක්‍ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, කාලයකට පෙර, අන්දමන් දූපත්වලට ඉහළින් බැලූන ආකාරයේ සුදු පැහැති වස්තුවක් නිරීක්ෂණය වූ බවයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

Breaking: විජේදාසගේ වාරණ නියෝගයට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...