32 C
Colombo
Monday, May 6, 2024

IMF යන්න පාකිස්ථානයත් චීන සහය ඉල්ලයි

- Advertisement -

තවත් වසරක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2 ක SAFE ( State Administration of Foreign Exchange – විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලනය) තැන්පතු ආපසු ලබා දෙන ලෙස පාකිස්ථානය චීනයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ප්‍රවෘත්ති වාර්තාවන්ට අනුව, පකිස්ථානය සහ IMF දෙපාර්ශවය අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා අතථ්‍ය රැස්වීමක් පසුගියදා පැවැත්වීය.

පකිස්ථානයේ මුදල් අමාත්‍යාංශය සහ පකිස්ථාන රාජ්‍ය බැංකුව (SBP) අඩුවෙමින් පවතින විදේශ විනිමය සංචිතය ජුනි මාසය වන විට ඩොලර් බිලියන 10 සීමාව දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කළ බාහිර මූල්‍යකරණ සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර තිබේ.

IMF වැඩසටහනේ පුනර්ජීවනය, චීනයේ SAFE තැන්පතු ඩොලර් බිලියන 2 දක්වා ආපසු ලබා ගැනීම ඇතුළුව, හැකි සෑම මාර්ගයකින්ම අවශ්‍ය ඩොලර් අරමුදල් වැඩි කිරීමට පාකිස්තානය වෙත ඉඩ ලබා දෙන බව රජයේ ඉහළ පෙලේ නිල ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රවෘත්ති වාර්තාවට අනුව සියලු දැඩි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන අතර, දෙපාර්ශවයම රාජ්‍ය මට්ටමේ ගිවිසුම අත්සන් කිරීමට පියවර ගත යුතු බව පාකිස්තාන පාර්ශවය IMF වෙත දැනුම් දී තිබේ.

පසුගිය සතියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද කොන්දේසිවලට අනුකූලව, පකිස්ථාන රාජ්‍ය බැංකුව විසින් පොලී අනුපාතිකය පදනම් ලකුණු 300කින්, වාර්තාගත ඉහළ මට්ටමක් වන සියයට 20 දක්වා ඉහළ නංවනු ලැබීය. එය 1996 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළ පොලී අනුපාතිකයයි.

RECENT ARTICLES - SINHALA

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...