28 C
Colombo
Wednesday, May 8, 2024

M.S Dhoni චිත්‍රපටයේ තවත් නළුවෙක් සියදිවි හානි කරගනියි

- Advertisement -

සුශාන්ත් සිං රාජ්පුත් ගේ මරණයට මාස අටකින් පසු ඔහු සමඟ M.S.Dhoni චිත්‍රපටයේ රඟපෑ සන්දීප් නහර් ඊයේ (15) රාත්‍රියේ සියදිවි හානිකරගෙන තිබෙනවා.

සියදිවි හානිකරගැනීමට පෙර මෙම ක්‍රියාවට හේතුව කුමක්දැයි යන්න පැහැදිලි කරමින් ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි වීඩියෝ සටහනක් තැබීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සන්දීප් පවසන පරිදි ඔහු මෙම තීරණය මීට බොහෝ කලකට පෙර ගැනීමට තීරණය කෙරූවක් වනවා.

එහෙත් තමන්ගේ ජීවිතයේ සියල්ල හොඳින් සිදුවේයැයි විශ්වාසයෙන් මේ කාලය ගෙවා දැමූවට එය එසේ නොවූ බවයි සන්දීප් සදහන් කරන්නේ.

එසේම ඔහු පවසා ඇත්තේ තම බිරිඳ සහ ඇයගේ මවගේ හැසිරීම් මේ තීරණයට හේතු වූ බවයි.

තම බිරිඳ නිතරම සියදිවි හානි කර ගැනීම ගැන පවසමින් ඔහුට තර්ජනය කල නමුත් තමන්ගේ මේ තීරණය වෙනුවෙන් තම බිරිඳ වරදකරු නොකරන ලෙසත් ඔහු තව දුරටත් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...