28 C
Colombo
Monday, May 6, 2024

ඉන්දියාව එක්දින තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි

- Advertisement -

මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ කාසිය වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඉන්දීය නායකයාගේ තීරණය නිවැරදි බව සහතික කළ පන්දු බල ඇණිය ඕස්ට්‍රේලියා ඉනිම පන්දුවාර 35.4කදී ලකුණු 188කට සීමා කිරීමට සමත් වුණා.

මිචෙල් මාෂ් ලකුණු 81ක් ලබා ගත්තා.

පන්දු වාර 19ක් අවසන් වන විට ලකුණු කඩුලු 2ක් පමණක් දැවී  129ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක රැඳී සිටින්නට ඕස්ට්‍රේලියව සමත් වුණත් තවත් ලකුණු 59ක් තුල ඔස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු 8 බිඳ වැටුණා.

මෙහොමඩ් ෂාමි ලකුණු 17කට කඩුලු 3ක් සහ මොහොමඩ් සිරාජ් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තා.

බැලූ බැල්මට පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට රිසි සේ පන්දුවට පහර දෙන්නට ඕස්ට්‍රේලියානු වේග පන්දු බල ඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.

දෙවන පන්දුවාරයේදීම ඉෂාන් කිෂාන් පිටියෙන් ඉවත් කළ ස්ටොනිස්ට අනගි සහයක් ලබා දෙමින් ස්ටාර්ක් සිව්වන පන්දුවාරයේ පිට පිට පන්දු දෙකකදි කෝලි සහ සූර්යකුමාර් යාදෙව්ට ක්‍රීඩාගාරයේ අසුන් වෙන් කර දුන්නා.

මුලු ලකුණු සංඛ්‍යාව 39ක් වෙද්දී ඉන්දීය මුල් පෙල පිතිකරුවන් සිව්දෙනාම නරඹන්නන් බවට පත්ව සිටියා.

රාහුල් සමග එක්වුණු පාන්ඩ්‍යා පස්වැනි කඩුල්ලට ලකුණු 44ක් එක් කළා.

පාන්ඩ්‍යා දැවී යාමෙන් පසු පිටියට ආ ජඩේජා රාහුල්ට අනගි සහයක් ලබා දෙමින් ලකුණු 108ක නොබිඳුණු සබඳතාවක් සමගින් කණ්ඩායම ජයග්‍රහණය වෙත සුරැකිව රැගෙන ගියා.

කේ එල් රාහුල් නොදැවී ලකුණු 75යි ජඩේජා නොදැවී ලකුණු 45ක් ලබා ගත්තා.

ස්ටාර්ක් ලකුණු 49කට කඩුලු 3 යි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලියි 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...