29.7 C
Colombo
Sunday, April 28, 2024

පුටින් එරෙහි වරෙන්තුවට රුසියාවෙන් ප්‍රතිචාර

- Advertisement -

සිය ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව පවසන්නේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ඉතාමත් සාහසික පියවරක් බවයි.

යුක්‍රේනයෙන් නීතිවිරෝධී ලෙස ළමුන් පිටුවහල් කිරීම ඇතුළු යුද පරාධ සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව චෝදනා කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් මෙලෙස රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ළමා අයිතිවාසියකම් වෙනුවෙන් වන රුසියානු කොමසාරිස්වරයාටද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය චෝදනා එල්ලකර ඇති බවයි.

2022 වසරේ පෙබරවාරි 24 දින රුසියාව, සම්පූර්ණයෙන් යුක්‍රේනය ආක්‍රමණය කළ දින පටන් යුද අපරාධ සිදුකළ බවට රුසියානු හමුදාවට චෝදනා එල්ල වූවත් රුසියාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය නොදරන බැවින් මෙම වරෙන්තුව ක්‍රියාවට නැංවිය නොහැකි බවයි වාර්තා වන්නේ .

නමුත් රුසියානු ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හැකියාව පවතින නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරණ රටක සංචාරය කරන අවස්ථාවක ජනපති පුටින් අත්අඩංගුවට ගෙන නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ මෙම පියවර හඳුන්වා ඇත්තේ වගවීමකට තුඩු දෙන ඓතිහාසික තීරණයක් ලෙසටයි.

RECENT ARTICLES - SINHALA

ව්‍යාපාරිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදෙස් ගමන් තහනමක් පනවා ඇති ව්‍යාපාරිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ ගමන් බලපත්‍රයකින් තායිලන්තය බලා පිටත්ව යාමට උත්සහ කළ...

මාස හතරට ඩෙංගු රෝගීන් 21,000ක්

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 21,055 දෙනෙකු වාර්තාවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී...

මහින්දට වසරක සේවා දිගුවක්

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...