33 C
Colombo
Sunday, May 5, 2024

ගුරුමාරුවීම් 28 වනදා සිට ක්‍රියාත්මකයි-යල්වල පඤ්ඤාසේකර හිමි

- Advertisement -

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය ඊයේ (17) නිවේදනය කර තිබුණා.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බවයි එම වාර්තාවල සඳහන්වුණේ.

නව පාසල් වාරය ආරම්භයෙන් පසු ලබන 28 වනදා වනවිට සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවට ගුරු මාරු මණ්ඩලයේ සාමාජික යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසනවා.

“ මේ වසර 5 ඇතුළත මේ ස්ථාන මාරු කිරීම් නිසා කිසිම පාසලක දරුවන්ගේ අධ්‍යාපනය පහළ වැටීමක් සිදුවෙලා නැහැ. සුපිරි පන්තියේ විදුහල්පතිවරු 21 දෙනෙක් මේ මාරුවලට විරුද්ධව ඉන්නවා. ඒ පරිපාලනය ඉතාමත්ම බිංදුවට වැටුණු මහන්තත්ත්වයෙන් සිටින විදුහල්පතිවරුන් 21 දෙනෙක්. විවිධ වරප්‍රසාද ලබන ගුරුවරුන් 1000ක වගේ පිරිසකටත් අවශ්‍ය විදියට අධ්‍යාපනය හසුරුවන්න අපි දෙන්නේ නැහැ.
මාරුවීම් සියල්ලක්ම 28 වනදා සිට ක්‍රියාත්මක වෙනවා. එසේ නිදහස් නොකරන යම් විදුහල්පතිවරයෙක් ඉන්නවා නම් ඔහුට විරුද්ධවත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සම්පූර්ණ නැවැත්තුවොත් රටම අඩපණ කරනවා කියන එක දැඩිව කියා සිටිනවා” උන්වහන්සේ පවසනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...