29 C
Colombo
Wednesday, May 8, 2024

ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය බලහත්කාරයෙන් ඇතුළු වෙයි

- Advertisement -

අධිකරණයේ පෙනී සිටීම සඳහා ඉස්ලාමාබාද් අගනුවරට යමින් සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලාහෝර් නිවස පාකිස්තාන පොලිසිය විසින් වටලා තිබෙනවා.

ඉම්රාන් ඛාන් අධිචෝදනා ගොනු කිරීමට නියමිත රාජ්‍ය තෑගි නඩුවකට අදාළව අධිකරණය විසින් කැඳවනු ලැබ තිබෙන අතර ඔහු ලාහෝර් සිට පිටත්ව ගිය විගස, පන්ජාබ් පළාතේ අගනුවර පොලිසිය ඔහුගේ නිවස වැටලීම සිදු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම අවස්ථාවේ ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් පමණක් නිවසේ සිට තිබෙන බවට සඳහන් වනවා.

මේ පිළිබඳ පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් ද පළ කර ඇති අතර ඔහු එමගින් ප්‍රශ්න කර ඇත්තේ තම බිරිඳ නිවසේ තනිව සිටියදී දොරගුලු කඩා නිවසට ඇතුළු වීමට ඔවුන්ට ඇති නෛතික හිමිකම කුමක් ද යන්නයි.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...