30 C
Colombo
Saturday, May 4, 2024

ෂේන් වොට්සන්ගේ මතකයෙන් බිඳක්

- Advertisement -

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග රටා තුනේම අතිවිශිෂ්ඨ පිතිකරුවෙක් මෙන්ම පන්දු යවන්නෙක්ද වූ ෂේන් වොට්සන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඔහු කිහිප වතාවක් ඕස්ට්‍රේලියානු නායකයා ලෙසත් කටයුතු කළා. 

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ අවසානයේ කණ්ඩායමට එකතු වී, ටිකෙන් ටික ඕස්ට්‍රේලියන් ක්‍රිකට් කිරුළ ගිලිහුණ කාලයක සිටි විශිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ෂේන් වොට්සන් සැලකිය හැකියි. ඕස්ට්‍රේලියානුවන් යනු කවුදැයි ලෝක ක්‍රිකට් රසිකයන්ට යළි සිහිපත් කරන ක්‍රීඩකයෙකු ලෙස 2007න් පසු වොට්සන්ගේ ක්‍රීඩා විලාසය පෙන්නුම් කළා. 

ශ්‍රී ලාංකිකයන්ට කිසිදා අමතක නොවන තරග රැසකදී ඔහු දක්ෂතා පෙන්වා තිබෙනවා. ඔහුගේ දැන් වයස අවුරුදු තිස්නවයක්. වොට්සන් ගැන අපූරු කරුණු කිහිපයක් තිබෙනවා.

2002 තරම් ඈත කාලයක ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒ ඉතා තරුණ ක්‍රීඩකයෙකු ලෙස. කණ්ඩායමේ පිතිකරණයට දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයාගේ ස්ථානය ඔහු රැකගත්තත්, ආබාධයක් නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් වූ නිසා ඇන්ඩෲ සයිමන්ස් කණ්ඩායමට එකතු කර තිබුණා. සයිමන්ස් පිතිකරණයේදී දක්ෂතා දැක්විමත්, අතිවිශිෂ්ඨ පන්දු රකින්නෙක් වීමත් නිසා ටික කාලයකට වොට්සන්ට ස්ථානය අහිමි වී සිටියා.

නැවත ඔහු ස්ථානය තහවුරු කරගත්තේ 2006 චැම්පියන්ස් තරගාවලියේදී ඇඩම් ගිල්ක්‍රිස්ට් සමග සාර්ථක ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ නිසා. ටික කාලයකින් ඔහු නැවත ස්ථානය අහිමි වුණා. 2007 ලෝක කුසලානය පිළිබඳ ‘අඳුරු මතකයන්’ තිබෙන ලාංකික රසිකයන්ට, වොට්සන් එම තරගාවලියේ තරග කිහිපයකට පමණක් සහභාගී වූ බව මතක ඇති. ඔහු නැවත ආබාධවලට මුහුණදී කණ්ඩායමෙන් ඈත් වී සිටියා. (ඒ අතින් ඔහු මැතිව්ස් වාගෙයි.) 

ඇන්ඩෲ සයිමන්ස්ගේ දඩබ්බර ගති පැවතුම් නිසා ඔහුගේ ස්ථානය අහිමිවෙද්දී, 2008 දී පමණ නැවත 

2009 චැම්පියන්ස් කුසලාන තරගාවලිය. එම තරගාවලියට එන විට, ඕස්ට්‍රේලියාව තවදුරටත් අංක එකේ කණ්ඩායමදැයි ඇතැම් අය ප්‍රශ්න කළා. ඒ වන විට මැක්ග්‍රා සහ ෂේන් වෝන් පන්දු යැවීමේ බලඇණියේ සිටියේ නැහැ. එවැනි කාලසීමාවක ලොව ප්‍රධාන ක්‍රිකට් කණ්ඩායම් සියල්ලම සහභාගී වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ජයග්‍රහණයට වොට්සන් දායක වුණා. අවසන් තරගයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 105ක් ෂේන් වොට්සන් ලබාගනිමින් ජයගග්‍රහණයේ ඉනිමක් දියත් කළා. තරගයේ වීරයා බවට පත් වුණා. තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණුලාභියා වෙද්දී කඩුලුලාභීන් අතරත් ඔහුු සිටියා.

ඔහු 2011න් පසු ලොව වැඩිම මුදලක් අය කළ වටිනාම ක්‍රීඩකයෙක් වුණා. ඕනෑම කණ්ඩායමකට ඔහු සම්පතක් වුණා. තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටියා. අයිපීඑල් තරගාවලිවලදී ඔහු ඉහළ දස්කම් දැක්වුවා. කඩුලු ත්‍රිත්වයක් පවා ලබාගත්තා. දෙවතාවක් අයිපීඑල් තරගාවලියේ වීරයා වුණා. 

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...