27 C
Colombo
Thursday, May 2, 2024

පාඨලීටත් පට්ටමක්..!

- Advertisement -

පාර්ලිමේන්තුවේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය (ක්‍රම සහ විධි) පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අද (23) නිතරඟයෙන් තේරී පත් විය.

එම පාර්ලිමේන්තු කමිටුවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියළු ආදායම් ආයතන අධීක්ෂණය කිරීම ,බදු සහ තීරු බදු විමර්ශනය කොට නව අදහස් වාර්තා කිරීම සහ ප්‍රගති සමාලෝචනය,විදේශ වෙළෙඳ ගිවිසුම් සහ ඊට අදාළ කරුණු අධීක්ෂණය කිරීම,සමාජ සුබසාධනය සම්බන්ධ රාජ්‍ය වියදම් ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම,ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම ඇතුළු මුදල් අමාත්‍යාංශ විෂය පථයෙන් වැඩි කොටසක් සමාලෝචනය සහ අධීක්ෂණය කිරීමේ බලතල හිමි වෙයි.

මේ අතර, ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුගමගේ තේරී පත්ව තිබෙනවා.

එම කාරක සභාවේ ක්‍රියාවලිය රජය විසින් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ අධීක්ෂණය කිරීම සහ රටේ භෞතික සැලසුම් පිළිබඳ කටයුතු කිරීමයි.

ඒ හේතුවෙන් පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට තමා බලාපොරොත්තු වන බවයි කාරක සභාවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ.

RECENT ARTICLES - SINHALA

කම්කරුවා – කම්කරුවා හැටියට මාකට් කරන අවසන් කම්කරු රැළිය තමයි මේක-මනූෂ

රට යළි වතාවක් දියුණු රටක් කරන්නට යන ගමනේ මංගල වෙඩි මුරය මැයි දින දින රැළියත් සමග සනිටුහන් කරන බවත් ජනතාවගේ ජීවන ප්‍රශ්නය විසඳන සැබෑ...

නිදහස් පක්ෂයේ මැයි රැළියට නිල් ඇදන් විජේදාසත් ඇවිත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "රට රකින ජන පවුර" මැයි දින රැළිය අද(01) ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී විශාල ජන සහභාගිත්වයකින් පවත්වා තිබෙනවා. ඒ සඳහා හිටපු ජනාධිපති...

මැයි රැලියේ රනිල් රහසක් කියලා

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය ආමන්ත්‍රණය කරමින් ජනාධිපති...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...