28 C
Colombo
Sunday, May 5, 2024

ලැබෙන ආධාරවලින් හෝ රාජ්‍ය සේවක වැටුප් ගෙවනවා – අගමැති

- Advertisement -

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් ලබා දීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අවුරුද්දට පෙර රජයේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් දෙක ලැබෙන ආධාරවලින් හෝ ගෙවන බවයි අගමැතිවරයා එහිදී සඳහන් කළේ.

“මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කිහිපයක් තිබෙනවා. විරුද්ධ පක්ෂ නායකතුමා සඳහන් කළ පරිදි මද්දුම බණ්ඩාර මහතාත්, නඩු කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම්තුමා විසින් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. එම තීරණ අනුව කටයුතු කරාවි. මට කියන්න තිබෙන්නේ එපමණයි. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නෑ.

අපි නොවෙයිනේ උසාවි ගියේ. උසාවි ගිහිල්ලා තියෙන්නේ තමුන්නාන්සේලා සහ මැතිවරණ කොමිසමයි. උසාවියට ගිහිල්ලා පැමිණිලි කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ලංකාවේ ඉහළ ම අර්ථ නිරූපණ දෙන අධිකරණ ය. ඉතින් මේ පිළිබඳව ඊයෙත් මැතිවරණ කොමිසම ප්‍රකාශයක් කර තියෙනවා. ඒකත් අවසානයක් නැති ප්‍රකාශයක්. මම අමාත්‍යවරයා හැටියට ඒ අය කැඳවන්න බලාපොරොත්තු වෙනවා.

දැන් මොකද ඒ අය අවිනිශ්චිතව කටයුතු කිරීම ගැන එක පැත්තකින් මට අධිකරණයට ඇඟිලි ගහන්න බෑ. නමුත් කොමිසම කැඳෙව්වා ම කියනවා කොමිසමට බලපෑමක් කරනවා කියලා. මේ සභාවෙ ම ප්‍රකාශ කළා. මම ඉතාම ඕනෑකමින් වගකීමෙන් ප්‍රකාශ කරන්නේ කොමිසමේ සියලු දෙනා එයි ද කියන්න මම දන්නේ නෑ. මම ඉදිරි දවස්වල කැඳවලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

නීතිය අනුව තමයි 19 වැනිදා ලංකාවෙම පළාත් පාලන ආයතන විසුරුවා හැරියේ. ඉතිං ඒ නීතිය අනුව අපි කටයුතු කරගෙන යනවා. පළාත් පාලන ආයතන විසින් සිදුවිය යුතු සේවාව මහ ජනයාට අවශ්‍ය සේවාව පවත්වා ගෙන යන්න.

මූල්‍යමය ගැටලු රටම මුහුණ දෙන ප්‍රශ්නයක්. මමත්, ජනාධිපතිතුමත් බරපතළ ලෙස වගකීමෙන් කිව්වා අපි මුහුණ දෙනවා. කොහොම හරි සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම වැටුප් දෙසරයක් ගෙවන්න තිබෙනවා.

අවුරුද්දට පෙර පළමුව මේවා ඉටු කිරීමෙන් තමයි ඊළඟ කටයුත්තට යන්නේ. අපේ ගොවි ජනතාව දෙන්න තියෙන විශේෂ ගෙවීම් රාශියක් තියෙනවා. අපිට හොඳ අස්වැන්නක් ලබා දුන්නා. ඉතිං ඒවා ගැනත් කල්පනා කරමින් මේ කටයුත්තේ අපි නිරත වෙනවා කිසිම කෙනෙක්ගේ අයිතිවාසිකම් අපි උදුරා ගන්නේ නෑ.”

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...