29 C
Colombo
Saturday, May 4, 2024

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරෙයිද?

- Advertisement -

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් 
නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති 
කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

2015 කැබිනට් පත්‍රිකාවට අනුව සිවිල් ආරක්ෂක සේවය ක්ෂය වන සේවයක් ලෙස 
අනුමත කළත් එම කාලසීමාව ඉකුත්ව ඇති බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

ඒ අනුව  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  සාමාජිකයන්ට වසර 60 ක සේවා කාලයක 
නිරත වීම සඳහා  වසර 55න් ඉදිරියට සේවා දිගුව ඉල්ලා සිටිය හැකි බව පෙන්වා 
දුන් සාගල රත්නායක මහතා එම කටයුතු  කිසිවක් වෙනස් වි නොමැති අතර ඉදිරියට 
ද වෙනස් කිරීමට සූදානමක් නොමැති බව අවධාරණය කළා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු 
නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාව අගය කරමින් මොරටුව කටුබැද්දේ පිහිටි 
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී පැවැති 
ඇගයීම් උළෙලට එක් වෙමින්.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...