27 C
Colombo
Monday, May 6, 2024

මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයාගැනේ

- Advertisement -

වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් අද (17) සවස හමුවී ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසනවා.

වව්නියාව පොලිස් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව සින්නතම්පනෙයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගනු ලැබූවා.

එහිදී සින්නතම්පනෙයි කැලෑවේ සිදුකළ සෝදිසියකදී ගසක් ආසන්නයේ පොළව යට ඉතා ආරක්ෂිතව වලදමා තිබූ එක් ඇඳුම් කට්ටලයක් කිලෝ දෙකහමාර බැගින් වූ බරකින් යුක්ත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් තිබී හමු වී තිබෙනවා.

අදාල මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්‍රීයව ආරක්ෂාකාරීව තිබුණු බවටත්, අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක වල දමන්නට ඇති බවටත් පොලීසිය සැක පල කරනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...